2025 ජුනි 14 වන සෙනසුරාදා

වැඩේ ඉවරයි

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 233

ආණ්ඩුවේ අරටුව වෙච්ච පැලවත්තේ ඔෆිස් එකේ පහුගිය දවසක කිහිප දෙනෙක් සාකච්ඡාවක හිටියලු‍. ඒ අය කතා වුණේ මේ ජනතා ප්‍රසාදය දිනාගන්න හැටි. විශ්වාසය ගොඩනගන හැටි. අන්න ඒ වෙලාවේ යෝජනාවක් ආවලු‍ කෙනෙක්ගෙන්.

එයා කිව්වලු‍ ගමේ බලය සභාවල විතරක් අල්ලලා මදි කියලා. අල්ලනවා නම් දැනෙන තැනටම අල්ලන්න ඕන කිව්වලු‍.
මෙයාගේ යෝජනාව වුණේ ගමේ තරුණ සමිති, මරණාධාර සමිති, සංවර්ධන සමිති, වැඩිහිටි සමිති විතරක් නෙවේ මහිලා, කුලඟන සමිතිවලත් බලය අල්ලන්න ඕන කියලලු‍. ඒ නිසා ඒ හැම සමිතියකම පුටුව ගන්න ඕන කියලා යෝජනාව ආවලු‍.
මේකට ටික දෙනෙක් විරුද්ධ වුණාලු‍. ටික දෙනෙක් කැමති වුණාලු‍. විරුද්ධ වුණු අය කිව්වලු‍ මේක එළියට ගියොත් කොමියුනිස්ට් කතාවක් යන්නෙ ඒ නිසා ඕක කරන්න එපා කියලා. ඒ කතාවත් එක්ක අනික් අයත් එකඟ වෙලා වැඩේ ඉවර කළාලු‍.

 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00