2024 මාර්තු 16 වන සෙනසුරාදා

බැරිලු

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 716

හැම පක්ෂයකම කිචන් කැබිනට්ටුවක් තියෙනව. අත පාටියෙත් එහෙම එකක් තියෙනවලු.. ඒක තියෙන්නෙත් එක්තරා නිවෙසකලු..

පිටියෙ බලවත්ම කෙනාගෙ පවුලෙ අයත් ඒ කිචන් කැබිනට්ටුවේ සාමාජිකයොලු...

ඉතින් ඔන්න පසුගිය දවසක ඒකෙ සාකච්ඡාවක් සිද්ධ වුණා. කලක් පක්ෂයෙ ලොකු තැනක ඉඳල මහ ඇමැතිකම් ආණ්ඩුකාරකම් එහෙම කරල පස්සෙ එතැනින් ඈත්වෙලා හිටපු කෙනෙක් නැවතත් මහ ගෙදරට වැද්දගන්නයි කතාබහ වුණේ.

ජය-රත්නයක් වන මුන්නැහේ නැවත මහ ගෙදරට එන්න නම් එයාට පුලතිසි දිස්තිරික්කෙ එක්තරා ආසනේක සංවිධායක පට්ටම ඉල්ලුව...

ලොකු තැන ඒක දෙන්න කැමැති වෙලාලු තිබුණෙ. නමුත් කිචන් කැබිනට්ටුව වැඩේට තදින්ම විරැද්ධ වෙලා.. 

අන්තිමේදි ජය-රත්නයට පරා-ජය වෙන්න සිද්ධ වුණු බවයි ආරංචි.

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00