2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

හිත දිනාගෙන

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 530

ඌව පළාතේ පැත්තේ කට සැර පළාත් ඇමැතිකම් කරලා දැන් මැති සභාවට ආපු කෙනෙක් එයාට දුන්න රාජ්‍ය පට්ටමෙන් වැඩ ටිකක් කරලලු තියෙන්නෙ. ඇත්තටම රජයට ලාබත් ඇති තරම් හොයලා දුන්නලු.

කොහොම වුණත් මේ කියන්න යන්නෙ එයාගෙ දේශපාලන වැඩක්ලු. ඊළඟට එන මහ පුටුව තෝරන ඡන්දයට මෙයා යටින් වැඩක් පටන් අරන්ලු තියෙන්නෙ. ඒ තමයි කට්ටිය එකතු කිරිල්ල. ඉතින් මෙයා බාරගත්තලු අලි පාටිය ගොඩ දාන්න ඕන මන්ත්‍රීතුමාලා එකතු කරගන්නම් කියල. ඒ විදියට මෙයා ලොකු වැඩක් ඊළඟ ඡන්දයට කරන්නලු යන්නෙ. ලබන පාර අලියා වෙනුවෙන් වැඩ කරනවා කියලත් කිව්වලු. හැබැයි ගොඩක් අය මේක විශ්වාස කරන්නෙ නෑලු. මොකද මෙයා කියන දේවල් කරන්නෙ කලාතුරකින් නිසා. ඒත් ලොක්කගේ නම් හිත දිනාගෙන ඉවරලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00