2025 ජුලි 05 වන සෙනසුරාදා

ෆයිල් අවුස්සනවලු

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 122

ඌව පළාතේ පැත්තේ කාලයක් නිල් පාට දේශපාලනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයක් පස්සෙන් මේ දවස්වල දූෂණ සම්බන්ධයෙන් හොයන ආයතනයකුත් රහස් දේවල් හොයන ආයතනයකුත් පරීක්ෂණ පවත්වනවලු‍. එයා සම්බන්ධයෙන් ආපු පැමිණිලි තිබුණට විභාග වෙලා නෑලු‍. ඒ ෆයිල් යට ගිහින්ලු‍.

කොහොම වුණත් මෙයා ගැන හොයන්නේ මේ ජපන් කතාවක් ගැනලු‍. ජපන් කතාව පහුගිය කාලේ ජනප්‍රිය වැඩක්ලු‍. ඒ වගේම එයා ප්‍රවාහන මහා මාර්ග ගැනත් අධ්‍යනය කරන කාලේ ආපු පැමිණිලිත් තියෙනවලු‍.
කොහොම වුණත් එයාට මහා ධනස්කන්ධයක් තියෙන නිසා ඒ ධනස්කන්ධය ආවේ කොහොමද කියලා ටිකක් සැරට හොයනවලු. සාක්ෂි බලනවලු‍. මොකක් වෙයිද කියලා නම් තවම ආරංචියක් නෑ.