2023 මැයි 14 වන ඉරිදා

පට්ටම්වලට තට්ටු කළ අය

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 523

අලුත් කැබිනෙට්ටුවට බාල්දි පෙරළන්නේ ආණ්ඩුවෙ මහ කන්තෝරුවට සම්බන්ධ පොහොට්ටුවෙම ඈයෝ කියලා පක්ෂය ඇතුළේ කසුකුසුවක් ගිහින්ලු තියෙන්නේ. ලොක්කා ළඟ ඉන්න පොහොට්ටුවේ කට්ටිය පක්ෂයට ලැබෙන්න යන තනතුරු ටිකට තට්ටු කළා කියලා තනතුරු නොලැබිච්ච කස්ටිය පක්ෂයේ නිර්මාතෘට කියලා කියලයි ආරංචිය. වැඩියෙන්ම මේ චෝදනාව එල්ලවෙන්නෙ ගම්පහ දිසාවෙන් ඇවිත් ඇමැතිකමක් දරන කෙනෙකුටයි, මන්ත්‍රීකමක් දරන කෙනෙකුටයිලු.

රටේ ලොකු තැන හිරකරලා හරි තනතුරු ගන්න උත්සාහ කළත් දැන් ඒකත් හරියන තැනක නෑ කියලයි කට්ටිය කතාවෙලා තියෙන්නේ. කොහොම වුණත් පක්ෂයේ ලොකු තැන් දැනුවත් කරාලු පොහොට්ටුව නැති කරන්න යන්නේ පොහොට්ටුවෙම පිරිසක් විදියට ඉන්න මේ අය කියලා. ඉතින් පක්ෂයේ ලොකු අයත් වැඩේ ගැන දන්නවා කියලයි ආරංචිය. කොහොම හරි මේකට තවත් නූල් සූත්තරයකින් විසඳුමක් සොයාගන්න පොහොට්ටු ලොක්කො ට්‍රයි කරන බවත් ආරංචියි.

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00