2022 ජනවාරි 01 වන සෙනසුරාදා

දැන්ම එපාලු

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 694

දුරකථන පාටියේ ලොකු තැන පහුගිය ටිකේ රටට ඇහෙන්න කිව්වලු අපිට ආණ්ඩුව දෙන්න අපි කරන්නම් කියල. මේක අහගෙන හිටිය ගොඩක් ආණ්ඩුවෙ අය විවේචනය කළාලු. මොකද එයා කොහොමද ආණ්ඩු කරන්නෙ කියල. ඒක ආණ්ඩුවෙන් වුණාට මේ වෙනකොට එයාගේ පක්ෂය ඇතුළෙත් මේ ගැන කසුකුසුවක් ඇවිල්ලලු. ඒ කියන්නෙ මේ කිව්ව කතාව කොහෙත්ම මේ වෙලාවේ හරියන්නේ නෑ කියල.

අපිට කියල ආර්ථික දැක්මක්, වැඩපිළිවෙළක් නැතුව මෙහෙම ආණ්ඩුවට අභියෝග කරනකොට ජනතාව අහන ප්‍රශ්නවලට උත්තර අපිට නෑ කියල පක්ෂයේ සමහර අය ලොකු ලොකු අය එක්ක කිව්වලු. ඒ නිසා කට කහනවට වගේ වචන කිව්වට ඕවාට උත්තර බඳින්න ඕන අපි නිසා ආයේ ඒ ගැන කියන්න එපා කියල ලොකු තැනට සමහර අය හරහා තොරතුරැ යැව්වලු. කොහොම වුණත් ඒ කතාව මේ වෙද්දි ලොකු තැනත් පිළිඅරගෙනලු ඉන්නෙ.

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00