2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

ගේමක්

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 732

අත පාටියේ කෙනෙක් දැන් ටිකක් සැර වෙලාලු. එයා මෙච්චර කල් සද්ද නොකර ඉඳලා දැන් ආයෙත් කට අරින්න පටන් අරන්ලු. එයා කියන්නේ තවත් ආණ්ඩුව එක්ක ඉස්සරහට යනවා නම් ආණ්ඩුවේ පොඩි පක්ෂ එක්ක එකතුවෙලා අලුතින් පොඩි සන්ධානයක් හදමු කියලලු. ඒ සන්ධානය හදලා ඊළඟ ඡන්ද ටික අපි වෙනම ඉල්ලමු කියලමයිලු මෙයා කියන්නේ.

කොහොම වුණත් මේ වැඩේට ලොකු අය විරැද්ධ නිසා මෙයා තීරණය කළාලු එළියට ගිහින් ආණ්ඩුවට ගහනවා කියලා දිගටම. මේ සියල්ල පක්ෂයේ ලොකු තැන දැනන් හිටියට එයා වචනයක් කතා කළේ නෑලු. කොහොම වුණත් මේ වැඩේට අකමැති ලොකු තැන්වල ඉන්න සමහරැ කතා වුණේ ලොක්කා බළල්ලු ලවා කොස් ඇට බාන්න යන්නේ කියලා.