2020 ජුනි 06 වන සෙනසුරාදා

බුද්ධි අංශයක්

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 627

අලි පාටියේ අය අලුත් මෙහෙයුමකලු ඉන්නේ. ටෙලිෆෝන් එකේ ඡන්දය ඉල්ලන සමහර අය පහුගිය කාලේ ඒ පැත්තට ගන්න හැදුවට ගන්න බැරිවුණ නිසා දැන් අලුත් කට්ටියක් උස්සන්නලු හදන්නේ. ඒ ටෙලිෆෝන් එකේ ඡන්ද කැම්පේන් කරන කීප දෙනෙක්ලු. මේකට අලිපාටියේ ඉන්න ප්‍රබලයෝ දෙන්නෙක්ගේ ගෝලයෝ සල්ලි විසිකරනවලු. එක්කෙනෙක් කොළඹ මැදලු, අනිත් කෙනා ගාල්ලේ කෙනෙක්ලු.

මෙයාලා එයාලගේ ගෝලයෝ දාලා ලොකු ලොකු වටිනාකම් දීලා කෝට්ටේ පැත්තට අදිනවා කියලයි ආරංචිය. එහෙම ගිය කීප දෙනෙකුත් ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ ටෙලිෆෝන් එක ඇතුළේ කරන්න යන කැම්පේන් එක එළියට ගිහින් අලි පාටිය අවුල් කරයි කියලලු. ආරංචි හැටියට අලියන්ගේ අරමුණත් ඒකලු. මේ නිසා දැන් ටෙලිෆෝන් එකේ අය වෙනම බුද්ධි අංශයක් දාලා ඇතුළේ ඉන්න අය ගැන හොයනවා කියලයි ආරංචිය.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00