2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

හතරමං හන්දියේ කැරකෙන නායකයා

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 1101

අලි පාටියෙ ඉන්න එක්තරා පක්ෂ නායකයෙක් සජිත් පිලෙනුත් රනිල් පිලෙනුත් දෙකෙන්ම කැපී ගෙන යන බවට ආරංචියක් පැතිරෙනවා...

උන්නැහේ කලක් රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක් දරලා දේශපාලනයෙන් ලංකාවෙ ලොකුම පුටුවලටත් නගින්න හදාපු නායකයෙක් හැටියට ප්‍රසිද්ධයි.

පසුගිය මහ පුටු ඡන්දෙ කාලෙ පුංචි දාස ජනාධිපති කරවන්න ඡන්ද වේදිකාවෙ ගෝඨලාට හොඳට නෙලුව මුන්නැහේ කලක් රනිල් පිලේ ඉඳල පසුව සජිත් පිලට මාරු වෙච්ච කෙනෙක්...

කෙසේ නමුත් මුන්නැහේ තිරිංග නැති කතාවල්වලට හරි ප්‍රසිද්ධයි.. කලක් රනිල් වන්දනා කරමින් පුංචි දාසව පතුරැ ඇරපු මෙයා දැන් තමන්ගේ වේදිකාවෙදි අලි පාටියෙ දෙගොල්ලන්ටම කටින් බැට දෙන්න පටන් අරන්ලු. ඒ හින්දා දැන් දෙපැත්තෙම නායක කාරකාදීන් ගෙන් කලින් මෙයාට වැටිලා තිබුණු ලකුණු ටික කැපී ගෙන යන බවයි ආරංචි.. මහ පාටියක් නැතුව තනියම ගිහිල්ලා ඡන්දයක් දිනාගන්නත් අමාරැ මේ නායකයා දේශපාලනේ හතරමං හන්දියකදී වල්මත් වෙලා කියලා එයා ගැන කාරණා කාරණා දන්න අය කියනවා..

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00