මුන්නැහේ මේ ආණ්ඩුවේ බලවත්ම චරිතයක්ලු. නමිනුත් නායක, වැඩෙනුත් නායක. ඒ වගේම සභාවටත් ලොකු නායකයෙක්ලු.
එතුමා මේ ආණ්ඩුවේ දක්ෂ පක්ෂකම් තියෙන පැරැණි පොරක් බවත් ප්‍රකටයි. එතුමාගේ ජ්‍යෙෂ්ඨකම නිසාම එකදිගට ඈඳුණු අමාත්‍යාංශ සැට් එකක්ම බාරවෙලා තියෙන්නේ එයාට. හැබැයි මේ අමාත්‍යංශවල දැන් පොඩි අවුලක් ඇතිවෙලා තියෙනවා කියල තතු දත් අය කියන්නෙ. ඒ අවුලේ ප්‍රතිඵලයක් හැටියට එයාගේ අමාත්‍යංශවලට අයිති ආයතනවල ලොක්කො හිටු කියල ඉල්ලා අස්වෙන්න පටන් අරන්. එහෙම අස්නොවෙන ලොක්කෝ එළවලා දානව කියලයි ආරංචි. ආණ්ඩුව පිහිටුවලා ගතවෙච්ච මාස දහයේදී මුන්නැහේම පත් කරපු ලොක්කෝ දහ දොළොස් දෙනෙක් එක්කො ගෙදර ගියා, නැත්නම් බලෙන් යැව්වා. මේ අර්බුදය ආණ්ඩුවට වාතයක් වෙච්ච වැඩක්ලු. ඒ වුණත් මෙයාගේ ජ්‍යෙෂ්ඨතාවය නිසා කස්ටිය සද්ද නැතුව ඉන්නවා. ඉතින් පැරණි ගම්වල මේ වගේ වෙනකොට තමයි කියන්නේ අහේතු කාලේන කජ්ජේන පුහුලං කියල.