මේ රටේ විපක්ෂයට සම්බන්ධ ලොකුම දේශපාලන පක්ෂයක ලොකු ලොක්කෙක් පහුගිය දවසක තමන්ගේ පක්ෂයේ ඉහළ මණ්ඩලයේ සාකච්ඡාවක් කැඳෙව්වලු. ඒක බොහොම ආතතිය පිරුණු හැඟීම්බර සාකච්ඡාවක් වුණු බවයි ආරංචි.
මේ කතාවේදී මේ පක්ෂ නායකතුමා සාමාන්‍යයෙන් නොකියන කතාවක් කිව්වයි කියලා කියවෙනවා. “මේ පක්ෂයේ මං වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ. ඇයි ඔයගොල්ලෝ එහෙම කරන්නේ” කියලා පක්ෂ නායකතුමා තමුන්ගේ ගෝල මැති ඇමැතිවරුන්ගෙන් ඇහුවලු. නායකතුමාගේ මේ ප්‍රශ්නයට වැඩිය කිසි කෙනෙක් උත්තර දෙන්න ගිහිල්ලා නෑ. ඊට පස්සේ නායකතුමා ලොකු දේශනයකුත් කළාලු.
පහුගිය කාලේ තමන් මුහුණ දුන්න ඡන්ද ගණනාවක් පරාජය වෙච්ච නිසා පක්ෂයේ ඉන්න හුඟ දෙනෙක් අප්සෙට් එකකලු ඉන්නේ. පසුපෙළ කට්ටිය මේ ප්‍රකාශය අහල කුටු කුටු ගෑවා මිසක් ලොක්කට උත්තර දෙන්න ගියේ නැති බවයි කියවෙන්නේ.