පොලිසියේ ලොකු තැන වැඩ බාරගත්ත දවසේ ඉඳලා එකදිගට ඇමතුම්ලු. හැමෝම ගොඩක් ආදරෙන් විශ්වාසයෙන්ලු කතා කළේ. කතා කරලා ඒ අයගේ දුක් අඳෝනා එහෙම කිව්වලු. පුදුමේ කියන්නේ ඒ අඳෝනාවලින් තුනෙන් දෙකක්ම පොලිසියට එරෙහිවලු. හැමෝම කතා කරලා කිව්වේ ඒ කාලේ තමන්ට අසාධාරණකම් කරපු නිලධාරින් ගැනලු.
ලොකු තැන ඉදිරියේ සුදු මූණ පෙන්නගෙන ඉන්න සමහර අය ගහපු ගේම් ටිකත් කතා කරලා කිව්වලු. දැන් වැඩේ කියන්නේ ලොකු තැන ලොකු අයගේ වැඩ හොයන්නලු ඉස්සෙල්ලම යන්නේ. ඒ සඳහා බුද්ධි අංශවලටත් රහස් පොලිසියටත් වැඩේ බාරදීලලු තියෙන්නේ.