2025 අගෝස්තු 23 වන සෙනසුරාදා

වැඩේ පස්සට

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 610

පහුගිය කාලයේ ආරක්ෂක අංශයේ හිටපු ලොකු කෙනෙක් ගැන මේ දවස්වල මුදල් ගැන හොයන පොලිසිය දැඩි අවධානයෙන්ලු‍. ඒකට හේතුව මෙයාට ඉඩම් කඩම් ගොඩක් තියෙන නිසාලු‍. ඉතින් මෙයාට ලැබුණු වත්කම් සමහර ඒවා එයාගේ නමට නැතුව වෙන නම්වලටත් ගත්තා කියලා තොරතුරු තියෙනවලු‍. මෙයාට විරුද්ධව විස්තර දෙන්නෙ මෙයාගෙම ගෝලබාලයොලු‍.

කොහොම වුණත් මෙයා පහුගිය දවසක ගෙන්නන්න හැදුවට ටිකක් වැඩේ කල් දැම්මලු‍. හේතුව මෙයාට දැන්ම අත තිබ්බොත් වැරදි ප්‍රචාරයක් යයි කියලා. ඉතින් ඒ නිසා හැමදේම අතට අරන් ආයේ කිසිම කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න බැරි වෙන්නම තොරතුරු අරන් මෙයාව ගෙන්නමු කියල කතා වෙලාලු‍ ඉන්නේ. තරුපටි ගහපු මෙයා යුද්ධය කාලයේ එහෙම හරියට නම කියවුණු කෙනෙක්.