2018 ජුලි 21 වන සෙනසුරාදා

ෂැංග්‍රිලා ෆැෂන්

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

පහුගියදා මම කොළඹ ෂැංග්‍රිලා හෝටලයට ගියේ ෆැෂන් කටයුත්තකටයි. මේක ඇත්තටම ටිකක් සුවිශේෂී ෆැෂන් වැඩක්. Fashion Week එක වෙනුවෙන් සංවිධානය කරපු swim week ෆැෂන්. ඒක මගින් ලංකාවේ swim wear විලාසිතා ලෝකයට ඉදිරිපත් කිරීමත් luxury resort wear නිරූපණය කිරීමත් අරමුණ වෙලා තිබුණා. 

මේ වැඩසටහනේ නිර්මාතෘ අජේ ඒක්ක මම ටිකක් කතාබහ කළා. 

“අද වෙද්දි ලංකාව ජාත්‍යන්තර වශයෙන් විවාහ සහ උත්සව සඳහා ප්‍රසිද්ධ රටක් විදිහට ඉදිරියට එමින් සිටිනවා. ඉතින් මට අවශ්‍ය වුණේ ඒකට වුවමනා කරන දායකත්වය මෝස්තර නිර්මාණ අංශය හරහා ලබාදෙන්නයි.” ඔහු කිව්වා.

පිහිනුම් තටාකය අසලදී පැවැත්වුණු මේ luxury resort wear මෝස්තර දැක්මට එතැන පරිසරයයි, සංගීතයයි මුසුවෙලා හරිම ලස්සන මොහොතක් නිර්මාණය වෙලා තිබුණා. මෝස්තර නිරූපණය සඳහා දෙස් විදෙස් නිරෑපිකාවන් රැසක් එක්වෙලා හිටියා. ඔවුන් නිරූපණය කළේ දෙස් විදෙස් මෝස්තර නිර්මාණ ශිල්පි ශිල්පිනියන් 23 දෙනෙක් කැපවීමෙන් කරපු නිර්මාණයි.

මෝස්තර දැක්මට අමතරව ඒ වෙනුවෙන්ම විශේෂ ආහාරපාන රැසකුත් ෂැංග්‍රිලා හෝටලය සූදානම් කරලා තිබුණු නිසා බොහොම සුන්දර දවස් දෙකක් ගතකරන්න ලැබුණා.

♦ ධනූ 
ඡායාරූප - You're my Favorite