2017 ජනවාරි 28 වන සෙනසුරාදා

Tit Tips

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 05:00 37

නිදහස් චතුරස්‍රය ළඟ හුවමාරු වෙළෙඳපොළ

COLOMBO FLEAMARKET කියන්නේ තමන් ළඟ තියෙන තමන්ට දැනට වුවමනා නැති දේවල් වෙනත් කෙනෙක්ට අලෙවි කරන්න තවත් දෙයක් සමඟ හුවමාරු කරගන්න ලැබෙන හොඳ අවස්ථාවක්. ඉතින් ජනවාරි 29 වැනි දා ඉරිදා නිදහස් චතුරස්‍රය ළඟ තියෙන 80 Club වෙත උදෑසන 10ත් හවස 5ත් අතර දි මීට සහභාගී වන්න ඔබට පුළුවන්.

පිළිකා රෝහලේ දරුවන්ගේ සතුට

29 වැනි ඉරිදා දවසේදීම මහරගම පිළිකා රෝහලේ අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. SCRIBBLES කියල නම් කරලා තියෙන මේ වැඩසටහනේ අරමුණ තමයි පිළිකා රෝගයට ගොඳුරු වෙලා ඉන්න පුංචි දරුවන්ගේ ලෝකයට කලා හැකියාවන් එකතු කරමින් ඔවුන්ට සතුටක් ගෙන ඒමයි. මේ වැඩසටහන පැවැත්වෙන්නේ එදා උදේ 9 ඉඳන් උදේ 11 වෙනතුරු පමණයි.