2019 ජුනි 08 වන සෙනසුරාදා

මැතිසබයේ හැලහැප්පිලි

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

ග්‍රහලොව රජු වූ රවි 2019 ජුනි මස 15 වැනි ශනි දින සවස 5 පසු වී විනාඩි 38ට තමාට සම රාශි භවනක් වූ බුධ හිමි මිථුන රාශියට පිවිසේ. අඟහරුට අයත් මුවසිරස නැකතේ තුන්වැනි හතරවැනි පාදවලත් රාහුට අයත් අද නැකතේ සම්පූර්ණවත් බ්‍රහස්පතිට අයත් පුනාවස නැකතේ ප්‍රථම දෙවන තුන්වන පාදවලත් ගමන් කරන රවි 2019 ජූලි මස 17 වැනි බුධ දින පාන්දර 4.33 දක්වාම මිථුන රාශියෙහි ගමන් කරනු ඇත. වසරේ මැද යෙදෙන කෝණ මාසය මෙසේ රවි මිථුන රාශිගතවීමත් සමඟ ආරම්භ වන අතර මේ කෝණ මාසය තුළ යම් යම් සුබ කටයුතු කිරීමේදී අශුභ වන බැවින් සුබ මුහුර්ත අඩු කාල සීමාවක් වනු ඇත.

රවි මිථුන රාශිගත වීමත් සමඟ අප රටට ඇතිවන්නා වූ බලපෑම විමසා බැලීමේදී යම් යම් කටයුතු වෙනුවෙන් රජයට අතිරේක වියදමක් දැරීමට සිදුවන කාලයක් වනු ඇත. පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයන් අතර සමගිය පළුදු වීම්ද සිදුවේ. වාද විවාද වැඩි කාලයක් වන අතර ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකුට වේදිකා නාට්‍ය, චිත්‍රපටි, රෑපවාහිනී ක්ෂේත්‍රයන්හි රංගන කටයුතු වල නියැලි ප්‍රවීණ රංගන ශිල්පියකුට/ ශිල්පිනියකට ඉතා අශුභ වන අතර ඔවුනට මාරක ඇති වන්නාවූත් වකවානුවක් ද වේ. විශාල ගබඩාවක් හදිසි ගිනි ගැනීමකට ලක්වීමක් ද වාර්තා වනු ඇත.

විදේශීය වශයෙන් සලකා බැලීමේදී ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ඉන්දියාව, රුසියාව, පෝලන්තය, ස්වීඩන් ආදි රටවල  දරුවන්ට සිදුවන අනතුරුවල ඉහළ යාමක් පෙන්නුම් කෙරේ. පාසල් ආශ්‍රිතව ත්‍රස්ත ප්‍රහාර ඇතිවීමක් ද වනු ඇත. ඔස්ට්‍රේලියාව, අරාබිය, හන්ගේරියාව, ස්පාඤ්ඤය, ප්‍රංශය, මැඩගස්කරය, එක්සත් රාජධානිය, බෙල්ජියම, ඊජිප්තුව, එංගලන්තය, ටිපොලි ආදි රටවල ආගමික නායකයකුට හෝ නීති විශාරදයකුට මාරකයක් ඇතිවීමක් පෙන්නුම් කරයි.
මීළඟට ලග්න අනුව සලකා බලමු.

මේෂ - කටයුතු සාර්ථකයි

ඔබට යහපත් ඵල අත්වන අතර ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වන කාලයක් වේ. සිතේ සහනය අඩු වන අතර සන්නිවේදන තාක්ෂණික කටයුතුවල නිරත අයට ඉතා ශුභ ඵල අත්වනු ඇත.

වෘෂභ - ප්‍රතිඵල අඩුයි

ඔබගේ උත්සාහයේ තරමට ඵල අත්වීම අඩු කාලයක් වනු ඇත. ආර්ථික අපහසුතා ද මතුවන අතර දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වූ ඵල අත්වනු ඇත.

මිථුන - මුදල් පාඩු

විශාල අන්දමෙන් මුදල් යොදවා කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතු අතර විශාල මුදල් පාඩු ඇති විය හැක. අන් අයගේ තීරණවලට හිස පහත් නොකිරීම හේතුවෙන් ඔවුන් තමා සමඟ සිත් අමනාපකම් ඇතිකර ගන්නා වූ කාලයකි.

කටක - විවිධ බාධා

ඔබට එතරම් යහපත් නොවන කාලයකි. ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා මතුවනු ඇත. ගමන්වලදී පරිස්සම් විය යුතු අතර හදිසි ශරීර පීඩා මතු වන කාලයකි. ඇස්වල පීඩාවක්ද මතුවනු ඇත.

සිංහ - සමාජ සේවයට

දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් වන අතර ඔබ කරන කටයුතු සාර්ථක වීමක්ද ඇති වන කාලයකි. සමාජ සේවා කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලය ගතකරනු ඇත.

කන්‍යා - මැණික් ලැබේ

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභ ඵල වර්ධනය වන අතර පතල්වලින් වටිනා මැණික් හදිසියේ හමුවනු ඇත. සේවා ස්ථානයේද පැවති ප්‍රශ්න මගහැරී යනු ඇත. උසස්වීම් ද ලබාගත හැකි වනු ඇත.

තුලා - විදේශ ගමන්

ඔබට යහපත් ඵල ඇතිවන අතර විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටියේ නම් එම බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ද ඉතා ශුභ ඵල අත්වනු ඇත.

වෘෂ්චික - හදිසි ශරීර පීඩා

ඔබට යහපත් ඵල අත් නොවන අතර ඔබ කරන කටයුතුවලට බාධාවීම් ඇතිවනු ඇත. ආර්ථික පාඩු ද අත්වන අතර ගමන්වලදී පරිස්සම් වීම වැදගත් වේ. හදිසි ශරීර පීඩා ඇතිවිය හැක.

ධනු - පවුලේ අසමගිය

අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට ඔබව පත්වනු ඇත. විදේශ ගතවීමේ අපේක්ෂා ඉටු වනු ඇත. සිතේ සහනය අඩුවන අතර පවුල් දිවියේ ද සමගිය අඩු වන්නාවූත් කාලයක් වේ.

මකර - සතුරන් පසු බසී

ඔබට එරෙහි සතුරු පීඩා මර්දනය කරගත හැකි කාලයක් වේ. සතුරන්ගෙන් යම්කිසි ශරීර පීඩාවක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. තාක්ෂණික හා සන්නිවේදන කටයුතුවල නිරත අයට ශුභවනු ඇත.

කුම්භ - ප්‍රමාදවීම් බහුලයි

ඔබට යහපත් ඵල අත්වුවද යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇතිවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත අයට යහපත් ඵල අත්වන අතර තැන්පත් ධනය වියදම් වන කාලයක් ද වේ.

මීන - කීර්තියට හානි

ඔබට යහපත් වන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. පිටස්තර අයගේ ප්‍රශ්නයකට මැදි වීමෙන් තමාගේ කීර්තියට හානිවීමක් වන කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00