2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

මාස හයෙන් ලෝක වාර්තාවක්!

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු උටා ප්‍රාන්තයේ, පවෙල් විලේදි පුංචි සිඟිත්තෙක් ලෝක වාර්තාවක් පිහිටවූවේය. දියමත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ යෙදුණු ලොව ලාබාලම පුද්ගලයා ලෙසටය. මේ වාර්තාගත සිඟිත්තා මාස 6කුත් දින 4ක් වයසැති රීච් හම්ෆ්‍රේස්ය.

ඉන් පෙර, එම වාර්තාව පිහිටුවා තිබූ ලාබාලතමයා වූයේ සයිලා ස්ටු ඔන්ගා නැමති මාස 6ක් දින 27ක් වයසැති සිඟිත්තාය. එම වාර්තාව පිහිටවූයේ 2016 මැයි මාසයේ දී ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රිදි විලේදීය.