කෙන්යාවේ පැවති ජාතික පෙළපාලියකදී අවම වශයෙන් පුද්ගලයන් 16 දෙනකු මියගොස් 400 දෙනකු තුවාල ලබා ඇත. ඒ පසුගිය වසරේ විරෝධතාවලදී මියගිය අයට ගෞරව දැක්වීම සඳහා නයිරෝබි සහ අනෙකුත් ප්‍රදේශවල පෙළපාලි ගිය ජනතාව සමඟ පොලිසිය ගැටීමත් සමඟිනි. පොලිසිය රටේ විවිධ ප්‍රදේශවල විරෝධතාකරුවන් සමඟ ගැටීමත් සමඟ එය දැඩිව අවුල් වී ගියේය.
පසුගිය වසරේ පාර්ලිමේන්තුව තුළ සිටි මන්ත්‍රීවරුන් බදු වැඩි කිරීම සඳහා නීති සම්මත කරගන්නා අතරතුර, පාර්ලිමේන්තුවට කඩා වැදීමට උත්සාහ කළ පිරිසකට පොලිසිය වෙඩි තැබීමෙන් මියගිය 60 කට වැඩි පිරිසකට උපහාර දැක්වීම සඳහා කෙන්යානුවන් දහස් ගණනක් ඉකුත් බදාදා අලුයම වීදි බැස සිටියහ. ඇම්නෙස්ටි ආයතනයේ කෙන්යාවේ විධායක අධ්‍යක්ෂ ඉරුන්ගු හූටන් පැවසුවේ, මෙම මරණ සංඛ්‍යාව රජයේ අරමුදල් සහිත කෙන්යාවේ මානව හිමිකම් පිළිබඳ ජාතික කොමිසම විසින් සත්‍යාපනය කර ඇති බවයි. “බොහෝ දෙනෙක් පොලිසිය විසින් මරා දමන ලදී,” යැයි ඔහු කියයි.
විරෝධතාවලට සහාය දක්වන කණ්ඩායම්වල ඒකාබද්ධ ප්‍රකාශයකින් කියැවුණේ පුද්ගලයන් 83 දෙනකු බරපතළ තුවාල ලබා ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් අට දෙනකු වෙඩි වැදී තුවාල ලබා ප්‍රතිකාර ලබන බවයි.