2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

ඉරානය හරහා නව වෙළෙඳ මාර්ගයක් !

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 157

ඇමෙරිකාවේ සම්බාධක තර්ජනය නොතකා ඉරානය හරහා නව වෙළෙඳ මාර්ගයක් විවෘත කිරීමට ඉන්දියාව සහ රුසියාව සැළසුම් කර ඇත. ඒ යටතේ ඉන්දියා බහලුම් සංස්ථාව සහ රුසියා දුම්රිය සේවා ඒකාබද්ධ කොටස් සමාගම අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. මේ අනුව මාස තුනක් ඇතුළත ඉන්දියාවේ සහ රැසියාවේ ව්‍යාපාරිකයින්ට ඉරානය හරහා දෙරට අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

මෙම තත්ත්වය යටතේ ඉරානය හරහා දීර්ඝකාලයක් තිස්සේ පවතින බහු ආංශික ප්‍රවාහන කොරිඩෝවක් විවෘත කෙරේ. එය රුසියාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාමට විශාල රුකුලක් වනු ඇත.