2019 මැයි 11 වන සෙනසුරාදා

සාම කතා මැද උතුරු කොරියාවේ මිසයිල 2ක්!

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

සතියක කාලයක් තුළ උතුරු කොරියාව විසින් කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව කියයි. ඊසානදිග සිනෝරි ප්‍රදේශයේ සිට මෙම මිසයිල දියත් කර ඇති අතර ඒවා කිලෝමීටර් 420ක හා කිලෝමීටර් 270ක දුරක් ගමන් කර ඇති බව සඳහන්ය.

කොරියානු කලාපයේ න්‍යෂ්ටිකහරණ කටයුතු පිළිබඳ දකුණු කොරියාව, අමෙරිකාව සහ ජපානය යන රටවල ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ සෝල් නුවරදී වාර්ෂික ආරක්ෂක සමුළුව පැවැත්වෙන අතරතුර මෙම අත්හදා බැලීම සිදුවීම විශේෂත්වයකි. කොරියානු අර්ධද්වීපයේ සාමය ස්ථාපිත කිරීම, න්‍යෂ්ටිකහරණ ක්‍රියාවලිය සහ කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත. කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා 2008 වසරේ සිට වාර්ෂිකව රටවල් තුන අතර මෙම රැස්වීම පැවැත්වෙයි.

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00