DFCC බැංකුව විශ්වාසයෙන් ඉදිරියට එන තරුණ තරුණියන්ගේ වෘත්තීය ස්ථාවරත්වය සඳහා මගපෙන්වීමක් වශයෙන් ඉංග්‍රීසි කථන ප්‍රවීණතාවන් ලබාදීමේ පාඨමාලාවක් සැමට English නමින් ඇරඹීය. මෙම සමාජ සුබ සාධන වැඩසටහන හරහා තරුණ තරුණියන්ගේ ජීවිත ගුණාත්මකව වර්ධනය කරමින් ඔවුන්ට සමාජයේ අවකාශයක් ලබාදෙන්නට යෙදිණි. එසේම මෙම පාඨමාලාවේ ඉහළ ලකුණු ලබාගත් 6 දෙනකුට බැංකුකරණ ක්ෂේත්‍රයේ දොරටුව විවර කරමින් සීමාවාසික පුහුණුවක් ලබාදීමට ද DFCC බැංකුව කටයුතු කළේය. මෙම වසරේදී සැමට English පාඨමාලාවේ දෙවැනි අදියරට සහභාගී වූ තරුණ තරුණියන් අතරින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සඳහා DFCC බැංකුවෙහි ගෙවීම් සහිත මාස 6ක සීමාවාසික පුහුණුවක් පිරිනැමීය.
ගාල්ල, මහනුවර, කුරුණෑගල පිහිටි DFCC බැංකු ශාඛාවල මෙම ඉහළ ලකුණු ලබාගත් සිසුන් 6 දෙනා ගෙවීම් සහිත සීමාවාසික පුහුණුව ඇරුඹූහ. මෙම සීමාවාසික පුහුණුව නිර්මාණය කර තිබෙන්නේ සම්පූර්ණ බැංකුකරණ අත්දැකීමක් ලබාදීම සඳහා වන අතර එහිදී බැංකුවේ සේවකයන් සමඟ එකට වැඩ කිරීමට අවස්ථාව සැලසෙයි. මෙහිදී විශේෂ බැංකු කාර්යයන්, ව්‍යාපෘති සහ මූල්‍ය සේවා පිළිබඳ පුහුණුවීම් ඔවුන්ට ලබාදීමට කටයුතු කරයි. මෙම සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමේ නිල උත්සවය මෑතකදී G.H.G. චලනි කෝෂිකා කුමාරි සහ H.R. හසිනි නෙත්මිකා ගුණවර්ධන, ගාල්ලේ දසුනි තමෝදි කළංසූරිය සහ K.A. තිලක ඔෂාන් කුරැණෑගල, W. අමාලි පුෂ්පිකා තිලකරත්න සහ M. සනුරි ඉසුරිකා වීරසේකර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය.
මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ ලක්ෂ්මන් සිල්වා මහතා සැමට English පාඨමාලාව හරහා ඉහළම ලකුණු වාර්තා කරමින් අපේ DFCC බැංකුවේ සීමාවාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ තරැණ තරැණියන් ගැන අපි ඉතාම ආඩම්බර වෙනවා. මෙම ගෙවීමක් කරමින් පිරිනමන සීමාවාසික පුහුණුව ඉහළ දක්ෂතාවන්ගෙන් පිරි තරුණ තරුණියන්ගේ ජීවිතවලට වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීමේ සුබ ඇරඹුම වෙන්න පුළුවන්. සීමාවාසික පුහුණුව අංශ දෙකක විහිදෙන අතර එකක් බැංකුකරණ ක්ෂේත්‍රයේ සම්පූර්ණ පසුබිම දැනගැනීමට උපකාරී වෙමින් ද අපේ සැමට English දෙවැනි අදියර මඟින් අනාගත නායකයන් බිහිකිරීමට ලබාදෙන දායකත්වය දැකගැනීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා.