2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

තට්ටු නිවාසවල නිධන්ගත රෝගීන්ට රජයෙන් ව්‍යායාම්

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

I ගයාන් ගාල්ලගේ 

කොළඹ තට්ටු නිවාසවල සිරවී සිටින නිධන්ගත රෝගීන් සඳහා ශාරීරික ව්‍යායාම් වැඩසටහනක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එසේ සිරවී සිටින නිධන්ගත රෝගීන් නිදහස් අවකාශයකට ගෙනැවිත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට දන්වා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය මේ සඳහා ක්‍රීඩා අමාත්‍යංශය සමඟ එක්ව වැඩසටහනක් සකසා මේ සතිය අවසානයේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.