2025 ජුනි 14 වන සෙනසුරාදා

ඉන්දීය යානය කඩා වැටුණේ පියාපත්වල දෝෂයකින්!

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 106

දේශපාලන වාර්තාකරු I

ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොළ අසලදී අනතුරට පත්වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං 757-8 dream liner ගුවන් යානය හදිසි අනතුරකට භාජනය වූයේ ගුවන් යානයේ පියාපත්වල (wing Flaps) හටගත් දෝෂයක් නිසා බව ගුවන් සේවා විශේෂඥයෝ බ්‍රිතාන්‍ය ගුවන්විදුලියට ප්‍රකාශ කර තිබේ.

එසේම මෙම ගුවන්යානා වර්ගයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය බවත් ඔවුහු සඳහන් කරති.
මෙම වර්ගයට අයත් ගුවන්යානාවලින් මේ දක්වා ලොව පුරා මගීන් කෝටි සියයක් (බිලියනයක්) පමණ ප්‍රවාහනය කර ඇති බවද බී.බී.සී වාර්තාවේ සඳහන්ය. අනතුරට පත් වූ යානයේ ආසන 256 ක් පැවති නමුත් එයින් මගීන් ගමන් කර ඇත්තේ ආසන 230 ක පමණි. ගමන් කළ මගීන් 230 දෙනාට අමතරව කාර්ය මණ්ඩලයේ 12 ක් ද යානයේ සිටියහ. මගීන් අතරින් දිවි ගලවා ගලවාගෙන ඇත්තේ විශ්වාෂ් කුමාර් නමැති එක් තැනැත්තෙක් පමණි.

මෙම ඛේදවාචකයෙන් යානය කඩා වැටුණු ස්ථානයේ පිහිටි වෛද්‍ය සිසුන්ගේ නේවාසිකාගාරයකටද දැඩි අලාභ හානි සිදුවී ඇති අතර ඒ මොහොතේ එහි සිටි සිසුන් 50 දෙනකු පමණ රෝහල්ගත කර තිබේ.

තවත් සිසුන් පස්දෙනකු අතුරුදන්ව ඇතැයි ද බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ සඳහන්ය.

අනතුරට පත් ගුවන් යානය හිමි ඉන්දියාවේ රතන් ටාටා සමාගම වෙනුවෙන් එයාර් ඉන්දියා සභාපති නටරාජා චන්ද්‍රසේකරන් ප්‍රකාශ කර තිබුණේ ගුවන් අනතුරින් ජීවිත අහිමි වූ සෑම පුද්ගලයකුගේ පවුලකටම ඉන්දියානු රුපියල් කෝටිය බැගින් වන්දියක් පිරිනමන බවයි.