2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

නාසා ආයතනයත් සල්ලිකාරයකුට!

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 135

එක්සත් ජනපද නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය බදාදා නාසා ආයතනයේ මීළඟ ප්‍රධානියා ලෙස ඔන්ලයින් ගෙවීම් ක්‍රම සම්බන්ධ බිලියනපතියකු මෙන්ම අභ්‍යවකාශ චාරිකාවක් සිදු කරමින් ඇවිද ගිය පළමු පෞද්ගලික ගගනගාමියා වන ජැරෙඩ් අයිසැක්මන් නම් කළේය.

Shift4 ඔන්ලයින් ගෙවීම් ආයතනයෙහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වන 41 හැවිරිදි අයිසැක්මන්, මස්ක්ගේ ස්පේස් එක්ස් සමඟ ඔහුගේ ඉහළ පෙළේ සහයෝගීතාවයන් හරහා වාණිජ අභ්‍යවකාශ ගමන් හි ප්‍රමුඛ චරිතයක් ලෙස ඉස්මතු වී ඇත.

ඔහුගේ ප්‍රමුඛ ජයග්‍රහණ අතර ඉහළ අභ්‍යවකාශයේ ශුන්‍ය ගුරුත්වතාවයේ සිට පෘථිවිය දෙස බැලීමට, ඉකුත් සැප්තැම්බර් මාසයේදී ‘ක්රූ ඩ්රැගන්’ යානයෙන් පිටතට යාම ඇතුළත් වේ. මස්ක්ගේ ව්‍යාපාර සහකරුවකු මෙන්ම මස්ක්වාදියකු ලෙස ප්‍රකට අයිසැක්මන් 2021 සමස්ත සිවිල් ස්පේස් එක්ස් ඉන්ස්පීරියන්ස් 4 කක්ෂීය මෙහෙයුම සඳහා ඔහුගේම මුදල්වලින් ඩොලර් මිලියන 200 ක් යොදවා ඇති බව වාර්තා වේ.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00