2023 ජුනි 17 වන සෙනසුරාදා

“සංවර්ධන අභිමන් 2023” හම්බන්තොට දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 219

“සංවර්ධන අභිමන් 2023” අලෙවි නියෝජිත හමුවීම් මාලාවේ, හම්බන්තොට දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතීඥ සුමිත් අලහකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් හා රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් තංගල්ල “මාලිමා රිසෙප්ෂන් හෝල් ඇන්ඩ් රෙස්ටුරන්ට්” පරිශ්‍රයේදී සාර්ථකව නිමාවිය.

එහිදී 2023 වර්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලොතරුයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම සහ 2021 වර්ෂයේ අලෙවි නියෝජිතයන්ගේ කාර්යාල වෙනුවෙන් ඔවුන් ඇගයීමට ලක්කිරීම එනම් ඔවුන් වෙත සම්මාන, මුදල් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානයද මෙහිදී සිදු විය.