2025 අගෝස්තු 02 වන සෙනසුරාදා

බෝතල් පත්තු වෙයි

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 1796

රටේ ලොකුම කෙනෙක් පහුගිය දවසක පිටරට ගියානේ. එතුමා ඉතින් සුපුරුදු පරිදි ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් ඇතුළට යන්නේ. එතුමගේ ආරක්ෂාව සඳහා ඒ ආරක්ෂක අංශයේ වළලු‍ කිහිපයක් තියෙනවා. ඉතින් ඒ ළඟම වළල්ලක කිහිප දෙනෙක් ලොකු තැන ඇරලවලා එන ගමන් කොහොම හරි ගේමක් ගහලා ඩියුට්‍රිෆ්‍රී එකට පොඩි කතාවක් දාලා ගත්තා සැර බීම ජාති ටිකක්. ටිකක් කිව්වට බෝතල්ම 40 ක් විතරලු. ඒ ටිකත් අරගෙන මාරු වෙන්න යනකොට වැඩේ කියන්නෙ හොර බඩු ගේන කණ්ඩායම ඇල්ලු‍වලු‍.

ඒ අල්ලපු කණ්ඩායමත් අර ලොක්කගේ යටතේ තියෙන රටට ආදායම් ගේන අධිකාරියක්. අල්ලගත්තම බදු නිදහස නැතුව කොහොමද මේ දේවල් ගෙනාවේ කියලා ප්‍රශ්න කරලා. උත්තර නෑලු‍. වහාම එයාලා ගැන ඉහළට දැනුම් දීලා. වහාම එයාලට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න තීන්දු කළාලු‍. හැබැයි ලොකු තැනට කිව්වේ නෑලු‍. ඒ එහෙම කිව්වා නම් ලොකු තැනට කේන්ති යන නිසා. කොහොම වුණත් මේ වෙද්දි නම් ලොක්කගේ කනට ගිහිල්ලලු‍ වැඩේ. ඒ අයට වහාම විනය පියවර ගන්න උන්නැහේ නියම කළාලු.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00