2025 අගෝස්තු 09 වන සෙනසුරාදා

තෝරාගෙන ඉවරලු

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 1869

කාකි සූට් දෙපාර්තමේන්තුවේ මහ පුටුවේ පුරප්පාඩුව ඇතිවෙන්නත් කලින්ම ඒ පුටුවට එන්න ලොකු සටනක් පටන් අරන් තිබුණේ. දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කට්ටිය වගේම කනිෂ්ඨ කට්ටිය පස් හය දෙනෙක්ම සටනෙ ලොකුවටම හිටියා.

ඒ වුණත් ඒ කට්ටිය සියලු‍ දෙනාගේම හීන බොඳ වෙන ලකුණුයි පේන්න තියෙන්නේ. ඒකට හේතුව වැඩබලන මහත්තයටම වැඩේ සැට් කරන්න ආණ්ඩුව තීන්දු කළ හින්දා කියලයි ආරංචි. උන්නැහේ පහුගිය කාලේ ආණ්ඩුවට දුන්න ප්‍රායෝගික සහයෝගය නිසා එයා කනිෂ්ඨ වුණත් එයාටම වැඩේ පවරන්න ආණ්ඩුව තීන්දු කළාලු‍.

මේ හේතුව නිසා කාකි සූට් දෙපාර්තමේන්තුවේ ඉන්න උන්නැහේට වඩා ජ්‍යෙෂ්ඨ කිහිප දෙනකුට විශ්‍රාම යන්න සිද්ධ වෙයි කියලා තතු දත් අය කියනවා.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00