ගම්පහ පළාතේ තමන්ට රාජ යෝගයක් තියෙනවාය කියන දේශපාලකතුමෙක් ඉන්නවා. උන්නැහේ පළාතේ ප්‍රබල දේශපාලන පවුලක සාමාජිකයෙක්. මේ මහත්තයා කාලයක් කුරහන් සාටකයේ කට්ටියත් එක්ක හිටියේ. පස්සේ එතැනින් අයින්වෙලා සීයා ළඟට දේශපාලනයට ගියා.
ඊට පස්සේ දේශපාලනයෙන් අයින් වෙන්නයි මෙයාට සිද්ධ වුණේ. ඒකට හේතුව මෙයා ගියාට ඡන්දදායකයෝ පක්ෂ මාරු නොකරපු එකයි. මෙයත් එක්ක සීයා ළඟට දේශපාලනයට ගිය හුඟ දෙනකුට තේරුණා පස්සේ තමන් කරගත්තේ වැරැද්දක් බව. තමන්ගේ ඡන්ද පදනම තියෙන තැනට නැවත යන්න ඕනෙයි කියලා කට්ටිය කතා කරන්න ගත්තා.
දැන් එයාලා කලින් හිටපු පක්ෂය වන මල් පොහොට්ටුව සමඟ එකතු වෙන්න සූදානමින් ඉන්නේ. ඒ වුණාට මේ රාජයෝග මහත්තයා නම් ඒකට ලෑස්ති නැතිලු ඒකට හේතුව පොහොට්ටුවේ අනාගත නායකයා ළඟඳීම හිරේ යනවයි කියලා එයා හිතන නිසාලු. ඒක එයා ප්‍රසිද්ධ සභාවේම කිව්වලු. එහෙම කියනකොට සභාවේ හිටපු කටකාර දේශපාලකයෝ දෙන්නෙක් එයාට කලින් මෙයා ඇතුළට යන්න පුළුවන් කියලා කුටුකුටු ගාපු බවයි ආරංචි.