කොළඹ විවිධ වර්ගයේ පුද්ගලයෝ එමටය. හිඟන්නාගේ සිට කෝටිපතියා දක්වා කරක් ගහන්නේ මේ ගෙන්දගම් පොළොවේය. එක එක්කෙනාට අනන්‍ය වූ නම් ගම්, ඇඩ්රස්, යාන වාහන තිබ්බත් මේ හැමෝම ගැවසෙන්නේ, ගැටෙන්නේ මේ කොළඹ තුළය. මේ කියන්නට යන්නේ කොළඹට එන යන ප්‍රේම කුරැල්ලන්ට සුද්දේ දාන අලුත් ගේමක් ගැනය. මේ සිදුවීම් පොලීසියට විවිධාකාරයෙන් පැමිණිලි වුවත් මෙහි පිටුපස ඇත්ත කතාව ඊට වඩා වෙනස්ය.
මේ කතාව පොලිස් නිලධාරියකුගේ අත්දැකීමකින්ම පටන් ගන්නට අප තීරණය කළේ එය හොඳම සාක්ෂිය වූ නිසාය.
මම එදා කොළඹ ගොඩක් මිනිස්සු ගැවසෙන ප්‍රධාන බස් නැවතුමක රාත්‍රී මුර සංචාරයේ හිටියේ. ඒ හරියේ තියනවා පොදු වැසිකිළි කිහිපයක්. අපි සාමාන්‍යයෙන් ඒ වැසිකිළි අවට පරීක්ෂා කරනවා. ගොඩක් අපචාර වෙන නිසා. මම දැක්කා වැඩ ඇරිලා වගේ යන්න ඉන්න තරුණ කොල්ලෙක් ඒ හරියේ ඉන්නවා. තනියම නිසා මම ගණන් ගන්නේ නැතුව ගියා. මම වටේම ගිහිල්ලා පැයක් විතර ඉඳලා එනකොට අර කොල්ලව ගෑනු කෙනෙකුයි තව පිරිමියෙකුයි වටකරගෙන ඉන්නවා. අර මිනිහා පිහියකුත් දික්කරගෙන අර කොල්ලට. කොල්ලා දහ අතේ වඳිනවා අත අරින්න කියලා. අර ගෑනු කෙනා කොල්ලට ගහනවා. මම ළඟට ගිහින් අර මිනිහට බැන්නා. බැනලා තල්ලු කරලා දාලා පිහියත් ගත්තා. තව රාළහාමි කෙනෙකුත් හිටියා. මම ඇහුවා මොකක්ද මෙතන වෙන්නේ කියලා. අර ගෑනු කෙනා අඬ අඬා කියනවා ඒ ගෑනු කෙනා ටොයිලට් යද්දී අර කොල්ලා එක එක ඒවා පෙන්නුවා කියලා. අර මිනිහා මේ ගෑනිගේ ස්වාමියලු. මම නිකන් දැනගත්තා වැඩේ මොකක්ද කියලා. මොකද ඔය ගෑනි මම දැකලා තියෙනවා අනන්ත ඔය හරියේ ගැවසෙනවා. මම කොල්ලගෙන් ඇහුවා සිද්ධිය. කොල්ලා නෑ සද්ද. ඒ එක්කම අර මිනිහා දැක්කනේ සර් මූ කරපු නිසානේ සද්ද නැත්තේ කියලා ගහන්න පැන්නා. සිද්ධිය තේරුණ නිසා මම කිව්වා යමු පොලීසියට කියලා තුන්දෙනාටම.
මුලින් මුලින් යමු කිව්වට, පස්සේ අර ගෑනියි මිනිහයි මග අරිනවා. අන්තිමට කිව්වා අපි යනවා සර් යන්න. අපිට පොලිසි යන්න ඕනේ නෑ කියලා යන්න ගියා. මම අර කොල්ලවත් අරගෙන ආවා තේ කඩේකට. එතකොට රෑ 10.30 විතර ඇති. මම වාඩි කරලා තේ එකකුත් අරගෙන ඇහුවා සිද්ධිය. එතකොට තමයි කතාව එළියට ආවේ.
ඔහු සිනාසෙමින් කතාව කියන්න පටන් ගත්තේය.
මේ කොල්ලා ගිහින් බරක් නිදහස් කරගන්න. යනකොට මේ ගෑනි අයිනේ ඉඳලා. මේ කොල්ලට කතා කරලා. එහෙන් මෙහෙන් අල්ලනකොට ගෑනි කියලා මහත්තයා එක්ක ආවේ යන්න වෙනවා කියලා. කොල්ලා ඉන්නකෝ කියද්දී අර මිනිහා ඇවිත්. එනකොට මේක දැක්කා මූ පිහිය ගත්තා අනින්න ගියා. මම එන්න කලින් වැඩේ කරගෙන ඒ මිනිහා. මේ කොල්ලගේ අයි.ඩී එක බලන්න ඕනේ කියලා පර්ස් එක අරගෙන ඒකේ තිබ්බ රුපියල් 2000කුත් අරගෙන. අන්තිම මොහොතේ තමයි ආවේ. මම ඇහුවා කොල්ලට පැමිණිල්ලක් දාමුද කියලා. කොල්ලා එපා කිව්වා. මොකද කොල්ලගෙත් වැරැද්ද නිසා.
ඔහු කී කතාවෙන් බොහෝ දෙනකුට හිතෙන්නේ කොල්ලට හොඳ වැඩේ කියාය. එහෙත් මේ සිද්ධිය වෙනස් විදිහකට සිද්ධ වුණු අවස්ථා ද තිබේ. එනම් කාන්තා වැසිකිළියට පැමිණි බව පවසා කප්පම් ලබා ගැනීම්ය.
එපමණක් නොව ලිංගික ගනුදෙනුවකට කොහේ හරි යමු යැයි පවසා රැගෙන ගොස් මුදල් කොල්ල කෑ අවස්ථා ද ඇත. එසේම ඇතැම් අවස්ථාවලදී ලැප්ටොප්, දුරකථන සොරාගත් අවස්ථා ද අනන්ත ඇත. මේ සිදුවීම් ගැන පොලීසියට පැම්ණිලි ලැබුණත් ඒ පැමිණිලි ඇත්ත සිද්ධිය සඟවා එන පැමිණිලි බව පොලීසිය පවසයි. ඒ නිසා ඇතැම් පැමිණිලි පැමිණිලි පමණක් වන බවත් පොලීසිය සඳහන් කරයි.
අපිට පස්සේ ආරංචි වුණා මේ වැඩේට කාන්තාවෝ තුන්දෙනෙකුයි පිරිමි දෙන්නෙකුයි ඉන්නවා කියලා. මේ අය ලිංගික ශ්‍රමිකයෝ. මේ අය දවසට මේ වගේ ගේම් දෙක තුනක් ගහනවා. සාමාන්‍යයෙන් මේ ගේම් එක යන්නේ රෑ 10න් පස්සේ. මේක හරියට හොයාගත්තයින් පස්සේ අපි ඒ තැන්වලට පොලීසියෙන් රෑට දැම්මා. ඒත් ප්‍රායෝගිකව වැසිකිළි මුරකරන්න අපිට බෑ. මිනිස්සු දැනගන්න ඕනෙ මේ දේවල්වලින් බේරෙන්න පොලිස් නිලධාරියා කීවේය.
ඇඟෙන් අඩක් නිරාවරණය වනසේ සුරෑපි ලෙස වෙස් වලාගෙන සිටින මෙම පිරිසගේ ඉලක්කය තරුණයන්ය. අස්සකට වී විවිධ ඉඟිපාමින් එන ලෙස කතා කරන අතර විවිධ ලිංගික ක්‍රියා සඳහා විවිධ ප්‍රමාණයෙන් මුදල් ඉල්ලති. එසේ වැඩේට එකඟ වූ පසු ආදරයෙන් බදාගෙන සිප වැළඳ ගන්නා අවස්ථාවේ ඊට ඈතින් සිටින තම ස්වාමියා යැයි පවසන පුද්ගලයාට සංඥා නිකුත් කරන්නේ එම තරැණයා තරමක් මුදල් ඇති අයකු නම් පමණි. එලෙස සංඥා දුන් පසු කිසිත් නොදන්නා ලෙස පැමිණෙන පිරිමියා සැමියා ලෙස හැසිරෙයි. පිහි පෙන්නා මුදල් ගරයි.
එසේ නොමැති වුවහොත් කොළඹ අයකු මෙන් සැඟවී සිට සියලු සිද්ධි වීඩියෝ කර අවසානයේ දෙදෙනා සමීපයට පැමිණ එම ඡායාරූප, වීඩියෝ පෙන්වා බියවද්දා මුදල් ලබාගනිති. එවිට කාන්තාව කිසිත් නොදන්නා අත දරුවකු ලෙස හැසිරෙන්නේ ඇගේ ජීවිතය ද බේරා දෙන ලෙස ආගන්තුක තරුණයා ඉදිරියේ වැඳ වැටීමෙනි. සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවල රැපියල් 2000-3000ක් ගලවා ගැනීමේ මේ ක්රමයේ මූලික සැලසුම වී ඇත.
“ඔය කීප දෙනෙක් ඔහොම කළාට තවත් අය ඉන්නවනේ ලිංගික ශ්‍රමික කාන්තාවෝ ඒ අය විරුද්ධයි මේ අයට. අනන්ත ඔය කට්ටිය ගහලා එලවනවා අරැන්ව. හේතුව එයාලට බිස්නස් නැතිවෙන නිසා. ඔය ගේම් ගහන සෙට් එක හැංගිලා ඉන්නේ. මොකද වැඩේ අහුවුණොත් ගහනවා" යැයි පොලිස් නිලධාරියා සඳහන් කළේය.
“ගොඩක් අහුවෙන්නේ රෑට වැඩ ඇරිලා යන කොල්ලො. තරුණ වයසනේ. මුන්ගේ මේ ලව් කතාවලට අහුවෙනවා. සමහර කොල්ලෝ බොක්කේ තියෙන දේත් දෙන්න හදනවා. ඒ තරම් මුන් නටවනවා."
කෙසේ වෙතත් මෙම කතාව පිටුපස භයානක තත්ත්වයක් ඇත. එය තේරැම් නොගෙන ආශාව සඳහා මූලික වී ලිංගික අරමුණු වෙත යෑමෙන් කෙනකුට මුදල් දේපළ පමණක් නොව ජීවිතය ද අහිමි විය හැක. මහ රාත්‍රියේ පාළු තැනක සිදුවන මෙම කොල්ලකෑම්වලදී යම් ආකාරයක ගැටුමක් ඇති වුවහොත් ඔබේ ජීවිතය අවසන් වනු ඇත. ඒ නිසා හැම මොහොතේම අනාරක්ෂිත ලිංගික කටයුතුවල පමණක් නොව අනාරක්ෂිත ලිංගික කටයුතු සඳහා උත්සාහයක්වත් නොගැනීමට විශේෂයෙන් තරුණයන් දැන සිටිය යුතුය.
අමිල කළුබෝවිල