2022 නොවැම්බර් 13 වන ඉරිදා

රංගේ ආණ්ඩුකාරකමට රවි මහ ලේකම්කමට!

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:01 290

I දේශපාලන වාර්තාකරු

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතා පත්කෙරෙනු ඇති බවත් දැනට පක්ෂ මහලේකම් ධුරය දරන පාලිත රංගේබණ්ඩාර මහතා පළාත් ආණ්ඩුකාර ධුරයකට පත්කෙරෙනු ඇති බවත් ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

ඉදිරි මැතිවරණ වසර ඉලක්ක කරගෙන එජාපය නව ජවයකින් ප්‍රතිසංවිධානය කිරීම සඳහා රවි කරුණානායක මහතාට වගකීම් පැවරෙනු ඇති අතර රංගේබණ්ඩාර මහතාට ආණ්ඩුකාර ධුරයට අමතරව පක්ෂයේ පූර්ණකාලීන නොවන තනතුරක්ද ලබා දෙනු ඇති බවත් සඳහන් වෙයි.