හඳ පළුව තනි තරුව
අරලිය ගහේ අතු අස්සෙන්
සේද කළුවර දුහුල් අස්සෙන්
එබි එබී බලපු හැටි
ඒ නුවර දියවරම
අහගෙනලු ඒ කතා
රිදී වන් බුබුළු අග
හෙමි හෙමින් දලු ලෑව
මහා හුස්මක ගැඹුර
නොදන්නා තාලෙකට
සීතලම සුළං සර
ඔහේ ඉගිලිච්ච හැටි
ගිරි ශිඛර මුදුනතම
ඒ දෙනෙත් ඇහැරගෙන
නියත දහමක අරුත
නිර්වාණ රස සොඳුර
නුවරුන්ට කියන හැටි
තනි තරුව හඳ පළුව
අසිරිමත් චිත්‍රයක්
නුවර හැරදා පැමිණි
ස්නේහයේ සාක්ෂිය
තනිකමේ කඳුළු බිඳ
අනේ මට කියන හැටි