2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

තරු ජෝඩු

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 582

දේශීය කලාකෙත පෝෂණය කිරීමෙහිලා සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ කලා ලොවේ තරු ජෝඩු විශේෂාංග මාලාවේ අවසාන කොටස අද පළ කරන්නෙමු.

ජැක්සන් ඇන්තනී - කුමාරි මුණසිංහ
රංගනය, ගායනය මෙන්ම අධ්‍යක්ෂණය යන අංශ ත්‍රිත්වයෙන්ම අපූරු කුසලතාවන් ප්‍රකට කළ ජැක්සන් ඇන්තනී සම්මාන රැසකට පාත්‍ර වූ සුවිශේෂී කලා ශිල්පියෙකි. ඔහුගේ අතගත් කුමාරි මුණසිංහද අති දක්ෂ රංගන ශිල්පිනියක මෙන්ම ගායිකාවකි. ජැක්සන් හා කුමාරිගේ දරුවන් තිදෙනාද කලා ලෝකය තුළ තම දස්කම් ප්‍රකට කරති.

• ප්‍රසන්නජිත් අබේසූරිය - නයනා හෙට්ටිආරච්චි
ප්‍රකට රංගන ශිල්පිනියක වන නයනා හෙට්ටිආරච්චි සමඟ විවාහ වූ කුසලතා පූර්ණ රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය පාසැල් වේදිකාවෙන් කලාවට අවතීර්ණ විය.

• රන්ජිත් කුමාරි - දමයන්ති ජයසූරිය
ප්‍රවීණ සිනමා මාධ්‍යකරුවෙකු ලෙස දශක ගණනාවක් පුරා කලා ලොව පෝෂණය කළ ඒ.ඩී. රන්ජිත් කුමාර, චිත්‍රපට රැසක නාමාවලි නිර්මාණය කළ අතර පොත් කවර නිර්මාණකරණයෙහිද දස්කම් දැක්වූවෙකි. ඔහුගේ අතගත් දමයන්ති ජයසූරිය ප්‍රවීණ ගායන ශිල්පිනියකි.

• ආනන්ද සිරිසේන - ඇග්නස් සිරිසේන
ප්‍රකට ගුවන් විදුලි ශිල්පී ආනන්ද සිරිසේන සමඟ විවාහ වූ ඇග්නස් සිරිසේන ප්‍රවීණ ශිල්පිනියද ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ තම ප්‍රතිභාවන් දැක්වූවාය. ඔවුන්ගේ පුත් කමල් දේශප්‍රිය අති දක්ෂ රංගන ශිල්පියෙකු මෙන්ම ප්‍රකට නිවේදකයෙකු ද වේ.

• තරුපති මුණසිංහ - ගයනි ගිසන්තිකා
නොබෝදා හොඳම සහාය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ගයනි ගිසන්තිකා විවාහ වී සිටින්නේ නිර්මාණශීලී සංගීතවේදී තරුපති මුණසිංහ සමඟිනි.

• කුමාර ජයකාන්ත - නිරෝෂා හේරත්
සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසි නිරෝෂා හේරත් විවාහ වූයේ තවත් ප්‍රකට රංගන ශිල්පී කුමාර ජයකාන්ත සමඟිය.

• ප්‍රසන්න විතානගේ - දමයන්ති ෆොන්සේකා
කලා පවුලකින් සිනමා රංගනයට අවතීර්ණ වූ දමයන්ති ෆොන්සේකා තම ජීවන සහකරුවා ලෙස තෝරාගත්තේ සම්මානනීය සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේය.

• නාමෙල් වීරමුණි - මාලිනී වීරමුණි
දේශීය කලාවට සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන ප්‍රවීණ රංගන ශිල්පීන් යුවළක් වන නාමලේ වීරමුණි හා මාලිනී වීරමුණිගේ දායකත්වය සුවිශාල එකකි.
වේදිකාව, සිනමාව හා රූපවාහිනී යන මාධ්‍ය ත්‍රිත්වයේම මේ ප්‍රතිභාපූර්න නළු නිළි යුවළ දක්ෂතා ප්‍රකට කර ඇත.

• එඩී ජූනියර් - පර්ල් වාසුදේවී
චිත්‍රපට රැසක චරිතාංග නිළියක ලෙස කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් පර්ල් වාසුදේවී රංගන ශිල්පිනිය විවාහ වූයේ ප්‍රකට වේදිකා හා සිනමා නලුවෙකු වූ එඩී ජූනියර් සමඟිනි. එඩී ජූනියර් සමුද්‍රෙද්වී නාට්‍යයේ ගෝවේ ගෑනු පරාදයි ගීතය හරහා ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තේය.

• ප්‍රියංකර පෙරේරා - දිල්හානි ඒකනායක
කුසලතා පූර්ණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසද ප්‍රකට ප්‍රියංකර පෙෙර්රා විවාහ වූයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දිල්හානි ඒකනායක සමනි.

• නලින් ප්‍රේමතිලක - සුනීතා විමලවීර
ප්‍රතිභාපූර්ණ වේශ නිරෑපණ ශිල්පී නලින් ප්‍රේමතිලක විවාහ වූයේ සම්මානනීය රංගන ශිල්පිනියක වන සුනීතා විමලවීර සමනි.

• බිමල් ජයකොඩි - සුජානි මේනකා
තරැණ නළු නිළි යුවළක් වන බිමල් ජයකොඩි හා සුජානි මේනකා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරයට හා ගෞරවයට ලක්වූ ප්‍රතිභාපූර්ණ කලා ශිල්පීන් දෙදෙනෙකි.

• දයා තෙන්නකෝන් - ග්‍රේස් තෙන්නකෝන්
වේදිකාවෙන් සිනමා ලොවට පා තැබූ ග්‍රේස් තෙන්නකෝන්ගේ අතගත්තේ ප්‍රකට සම්මානනීය රංගන ශිල්පියෙකු වන දයා තෙන්නකෝන්ය.

• කෞෂල්‍යා ප්‍රනාන්දු - චන්දන අළුත්ගේ
මව් උරුමයෙන් රංගනය දායාද කොටගත් සම්මානනීය රංගන ශිල්පිනියක හා නාට්‍යවේදිනියක වන කෞෂල්‍යා ප්‍රනාන්දු විවාහ වූයේ නාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ පැතිකට ඔස්සේ පෙළහර පානා ආචාර්ය චන්දන අළුත්ගේ සමනි.

• රහල් බුලත්සිංහල - සුසිලා කෝට්ටගේ
ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල වූයේ අති දක්ෂ වේදිකා, රූපවාහිනී හා සිනමා නිළියක වන කෝපි කඩේ දයාවතී ලෙස ප්‍රකට සුසිලා කෝට්ටගේ සමනි.

• සේනක පෙරේරා - යමුනා මාලනී පෙරේරා
ඉංගම්මාරුව ටෙලි මාලාව තුළින් රටම හඳුනාගත් කුසලතා පූර්ණ රංගන ශිල්පී සේනක පෙරේරා විවාහ වූයේ ප්‍රකට ගී පද රචිකාවියක වන යමුනා මාලනී පෙරේරා සමනි.

• රුවන්ති මංගලා - නාමල් උඩුගම
සුමිත්‍රා පීරිස්ගේ ගොළු හදවත ටෙලිනාට්‍යය හරහා රංගනයට පිවිසි රුවන්ති මංගලාගේ හදවතට හිමිකම් කීවේ ජනප්‍රිය ගායන ශිල්පී නාමල් උඩුගමය.
මෙම ලිපි මාලාවට ඇතුළත් නොවූ සංගීත ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් ඉටුකළ අබේවර්ධන බාලසූරිය හා නිරංජලා සරෝජිනී පීරිස්, ලාංකිකා පෙරේරා හා චානක පෙරේරා, මායා දමයන්ති හා වික්ටර් විජයන්ත, විජේරත්න රණතුංග හා නිර්මලා රණතුංග මෙන්ම රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා පිළිබඳවද මෙසේ සටහනක් තබමු.

Text – Ramesh uvais / Pic - Internet