2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

රැට්ටා නිදොස් කොට නිදහස්

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 225

අද අපි Youtube Hit වලින් අරගෙන එන්නේ ලංකාවේ Youtube Fans ලා පහුගිය සතියේ වැඩිපුරම කතා කරපු සිදුවීම. මේ තමා රැට්ටාගේ චැනල් එක නැතිවීම සහ ආයේ ලැබීම ගැන කතාව.

රැට්ටාගේ Videos ගැන අවස්ථා කිහිපයකදීම අපි කතා කරලා තියනවා. රැට්ටා කියන්නේ ලංකාවේ Youtube සළකුණුක් කිව්වොත් හරි. ඔහු මුලින්ම කල එළි බැස්සේ Facebook හරහා. පසේ තමයි Youtuber කෙනෙක් බවට රැට්ටා පත්වෙන්නේ.රැට්ටා කරන්න Videos වල විශේෂත්වය තමයි එහි එන චරිත සියල්ලම ඔහු නිරූපණය කිරීම. ඒ වගේම වීඩියෝකරණය සංස්කරණ වගේ හැම වැඩක්ම ඔහු විසින්ම සිදු කිරීම. ඒ නිසාම රැට්ටා Youtube වල දක්ෂ චරිතයක් කියලා කවුරුත් හඳුනගත්තා.

පහුගිය දවසක Subscribers ලා තුන් ලක්ෂ පනස් දහසක් විතර හිටපු රැට්ටා channel එක හිටපු ගමන්ම අතුරුදන් වුණා පරණ link වලට ගියාම කීවේ මේ චැනල් එක තහනමට ලක්වෙලා කියලා. එහෙම වෙන්න හේතුවක් රැට්ටාටවත් Fans ලාවත් හිතාගන්න බැරිවුණා. ලංකාවේ Social Media රැට්ටාට වෙච්ච දේ ගැන කතා කරන්න පටන් ගත්තා. කතාව ලැව් ගින්නක් වගේ පැතිරුණා. ලංකාවේ Youtube History එකේ ප්‍රධාන සිදුවීමක් විදිහට මේ හඳුන්වන්න පුළුවන්.

ඊළඟට රැට්ටා Facebook හරහා Live ඇවිල්ලා තමන්ට වෙච්ච විපත ගැන කිව්වා. මේ වෙද්දි රැට්ටාගේ නමින් Fake Channel බරගානක් Youtube එකේ අවස්ථාවාදින් හදලා තිබ්බා. Google Account එකේ ඉඳන් සියලුදේවල් තහනමට ලක්වෙලා කියලා තමා රැට්ටා කිව්වේ. කොහොමහරි චැනල් එක ගන්න උත්සාහ කරනවා ඒ අතර Backup චැනල් එකක් පටන් ගන්නවා කියලාත් රැට්ටා කිව්වා. එහෙම පටන්ගත්ත channel එකට දවසක් ඇතුළත Subscribers ලා පනස්දහසක් විතර ලැබුණා. රැට්ටාට උදව්කරන්න Youtubers ලා වගේම Facebook Admin ලාත් ඉදිරිපත් වුණා. සමාජ මාධ්‍යවල ප්‍රධානීන් අතර එකමුතුව පේන තැනක් විදිහට අපිට මේ සිදුවීම හඳුන්වන්න පුළුවන්.

රැට්ටාගේ Channel එක නැවත ලබා ගැනීමේ මෙහෙයුම මේ අතර ක්‍රියාත්මක වුණා. ඒක බාරගෙන තිබුණේ සංජීව දිසානායක කියලා තරුණයෙක්. ඔහු වැඩ්ඩෙක්. කරුණු හොයලා බලද්දී පෙනුනේ රැට්ටා දාපූ වීඩියෝ එකක් නිසා තමා මේ විපත වුණේ කියලා. මොකක්ද මේ වීඩියෝ එක කවුරුත් කතා වෙන්න ගත්තා. රැට්ටා කාලෙකට කලින් කරපු තේරීමේරී වීඩියෝ එක අනුකරණය කරලා රැට්ටාගේ fans කෙනෙක් වුණ පොඩ්ඩෙක් කරලා තිබ්බ වීඩියෝ එකක්. ඒකේ තාත්වික රංගනය නිසා රැට්ටා ඒක Fans ප්‍රතිචාරක් විදිහට channel එකෙන් දාලා.

නමුත් අලුත් Youtube නීතිරීති අනුව වැඩිහිටියෙක් පෙනී නොසිටින මේ වගේ වීඩියෝ මුදාහැරීම තහනම්. ඊටත් වඩා රැට්ටා අනුකරණය කිරීමේදී මේක එක දර්ශනයක් Youtube වල හඳුනාගෙන තිබ්බේ ළමා අපචාර ගණයට දාලා. නමුත් ඒක එහෙම නෙවෙයි. රැට්ටා කියන විදිහට දීර්ඝ නඩු විභාගයකින් පස්සේ රැට්ටාව නිදොස් කොට නිදහස් කළා. රැට්ටාගේ channel එක ආපහු ආවා. රැට්ටා නිසා ඇතිවුණ කළබගෑනිය නිමා වුණා. දැන් රැට්ටාට තවත් Channel එකක් තියනවා. Youtube Hit අපි ඒ දිහාත් බලන් ඉන්නවා. ඉතින් මේ සතියේ අපි Special එකක් තමා කළේ. ඒ Youtube ගැන කතාවේ මේ සිදුවීම මගහරින්න බැරි නිසා. ලබන සතියේ අලුත් Video එකකින් හමුවෙමු.

 

►Text - Nisal   /  Pic – Internet