2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

රඟපාන්න පුළුවන් නිළියන්ට නිරුවත් වෙන්න බැරි නම් වැඩක් නෑ

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 503

ඉතින් මමත් වෙනස් වෙන්න නම් මොකක් හරි මැජික් එකක් කරන්න ඕනේ කියලා හිතුණා. ඔය ඉන්න අතරේ මගේ යාළුවෙක් “මචං මෙහෙම පොඩි සීන් එකක් ලංකාවේ වෙලා තියෙනවා. කියලා පොඩි අදහසක් දුන්නා. ඒ අදහසත් එක්ක “වැඩේ හොඳයි කියන සිතුවිල්ලේ තමයි මම හිටියේ. ඊට පස්සේ ඒ හා මේ ලෝකේ වෙලා තියන දේවල් මොනවද කියලා මම පොඩ්ඩක් හොයන්න පටන් ගත්තා. ඒ හරහා ඒ හා සම්බන්ධ කරපු චිත්‍රපට මට මුණගැහුණා. ඒ චිත්‍රපටවල ආභාෂයත් අරගෙන මම “හුස්ම තිරපිටපතක් ලිව්වා. 

“හුස්මට දසුන්, ඉසුරු සහ පුබුදු යොදාගන්න ඕනේ කියලා සංකල්පය ඇතිවුණේ කාගේ හිතේද?
ඒ අදහස ඇතිවුණෙත් මටම තමයි. මේ චරිත ටික මම ලියාගෙන යද්දී මට ඒ චරිතවලට උපරියෙන්ම සාර්ථකත්වයක් ලබාදෙන කලාකරුවන් තුන්දෙනෙක් මට ඕන වුණා.. “හුස්ම කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඒ නිසා ඒ චරිත තුළත් ලොකු ප්‍රබලත්වයක් තියෙනවා කියලා මම විශ්වාස කළා. ඉතින් මේ චරිතවල වෙනසක් මට ඕන වුණා. මේ චරිත තුන ගත්තොත් ඒ තුන එකිනෙක වෙනසක් තියෙන්න ඕනේ. කතාව, වචන හසුරවන විදිහ, හැසිරෙන විදිහ ඒ හැමදේම වෙනස් වෙන්න ඕනේ කියලා මම විශ්වාස කළා. එහෙම හිතලා තමයි මේ චරිතවලට මම මේ අය යොදාගත්තේ. අද වනවිට මම හිතුන දෙයක් තමයි මේ තුන්දෙනා ඇතුළු චිත්‍රපටයට මම යොදාගත්ත සියලුම කලාකරුවන්, කලාකාරියන් ඇතුළු සියලුම කාර්මිකශිල්පීන් ඒ අයගේ වැඩ කොටස උපරිමයෙන්ම කරලා “හුස්මට ඉතා හොඳ සාධාරණයක් ලබලා දීලා තියෙනවා කියලා.

“හුස්ම* ප්‍රධාන චරිතය වුණ තාරුකා විජේසිංහ කියලා චරිතයට සුරේශ් යොදාගන්නේ චමත්කා ලක්මිණි කියන නවක නිළියක්. “හුස්මට චමත්කාගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
ඒක තමයි මට තිබුණ ලොකුම අභියෝගය වුණේ. “හුස්මට නිළියක් තෝරාගැනීම ගැන මම හොඳට හිතුවා. ලස්සන තිබුණත් රඟපාන්න බැරිනම් වැඩක් නැහැ. රඟපාන්න පුළුවන් වුණාට මගේ මේ දර්ශන තලයේ අවශ්‍ය විදිහට නිරුවත් දර්ශන කරන්න බැරිනම් ඒකත් වැඩක් නැහැ. ඒ නිසා ඒ හැමදේටම කෙනෙක් මට ඕන වුණා. හැබැයි ඒ හැමදේටම හරියන කෙනෙක් තමයි චමත්කා කියන්නේ. මට තාම මතකයි මේ චිත්‍රපටය රූගත කිරීම් කරන්න කලින් චමත්කාට මම දීපු පොරොන්දුව තමයි “චමත්කා ඔයා මේක කරන්න. ඔයාට කවදාවත් මේ චිත්‍රපටය වෙනුවෙන් කිසි කෙනෙක්ගෙන් වැරදි වචනයක් අහන්න ඉඩතියන්නේ නැහැ. හොඳක් අහනවා හැර* කියලා. දැන් ඒ දේ සත්‍ය වෙලා තියෙනවා. චමත්කා මේ චිත්‍රපටයට ඉතාමත් හොඳ සාධාරණයක් ලබලා දුන්නා.

චමත්කා මේ පිටපත අතට ලැබුණු සැණින් බාරගත්තාද?
ඔව්.. මේ පිටපත චමත්කාට දෙන්න කලින් මම මේ කතාව චමත්කාට කිව්වා. ඒ හැම දෙයක්ම අහගෙන ඉඳලා “හරි.. අයියා අපි කරමු. කියලා චමත්කා කිව්වා. ඊට පහුවදාක අපි දිනයක් දාගෙන නැවතත් පිටපත එක්ක සාකච්ඡා කළා.

“හුස්ම කතාව ටිකක් අපිට කියමුද?
තරුකා විජේසිංහ (චමත්කා ලක්මිණි) කියන්නේ රූමත් රංගන ශිල්පිනියක්. හදිසි අනතුරකින් තාරුකා මිය යනවා. රෝහල් මෘත ශරීරාගාරයේදී රෝහල් කම්කරු සේවකයෙක් වන කුමාර (දසුන් පතිරණ) ඔහුගේ මිතුරන් දෙදෙනෙක් වන රුවන් (ඉසුරු ලොකුහෙට්ටිආරච්චි) සහ නාමල්ට (පුබුදු චතුරංග) තාරුකාගේ නිරුවත් සිරුර පෙන්වනවා. මෙයින් රංගන ශිල්පිනියට වශීවන රුවන් මියගිය තාරුකාගේ සිුරර සමඟ සංසර්ගයේ යෙදෙනවා. එතැනින් නොනැවතෙන කුමාර ද තාරුකාගේ මියගිය සිරුර සමඟ සංසර්ගයේ යෙදෙනවා. මේ සමඟම නොසිතූ මොහොතක මියගිය තාරුකා දෑස් ඇර කුමාර දෙස බලා සිටිනවා. එතැන් සිට නොසිතූ සිදුවීම් රාශියකට කුමාර, නාමල් සහ රුවන්ට මුහුණ දීමට සිදුවෙනවා. ඒක වෙනස්ම කතාවක්.

“හුස්ම රූගත කිරීම් සිදුවුණේ එකම දර්ශන තලයකයි. ඒක අභියෝගයක් නේද?
ඔව්.. ඇත්තටම ඒක ලොකු අභියෝගයක් වුණා. මේක සිංහල සිනමාවක මෙතෙක් කාලයක කතා නොකරපු මාතෘකාවක්. කවුරුත් කතා කරන්න බය වුණ මාතෘකාවක්. නමුත් මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කරගන්න ඕන නිසා මම මේක අභියෝගයක් කර ගත්තා. මේ මුළු චිත්‍රපටයම එකම බිත්ති හතරක් මැද්දේ එකම ඇඳුමක් ඇඳගෙන හතරදෙනෙක් චිත්‍රපටය පුරාම ඉන්නවා. ඒ නිසා පැය දෙකක් මේ එකම රාමුවක ප්‍රේක්ෂකයාට බෝරින් නොකර රඳවා ගන්නේ කොහොමද කියන එක මට අභියෝගයක් වුණා. 

ඒ අභියෝගය ජය ගන්න මම ලොකු වෙහෙසක් ගත්තා. අද වෙනකොට ඒ අභියෝගය මම ජයගෙන තියනවා කියලා චිත්‍රපටය බැලූ බොහෝදෙනා කියනවා. මේ චිත්‍රපටය සාර්ථක කරගන්න රංගනයෙන් දායක වුණ හැමෝම වගේම කාර්මික ශිල්පීන් හැමෝමත් මට ලොකු සහයෝගයක් ලබලා දුන්නා. ඇත්තටම මේ “හුස්ම චිත්‍රපටයම මට මගේ ජීවිතේ අමතක නොවන සංදිස්ථානයක්. අද වනවිට “හුස්ම චිත්‍රපටශාලා පනහක පමණ ප්‍රදර්ශනය වෙනවා. “වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ප්‍රදර්ශනය වන “හුස්ම නරඹන්නට මම ආරාධනා කරනවා. අද වනවිට මාව දන්නේ නැති රසික රසිකාවියන් පවා කතා කරලා “හොඳ වැඩක් කියලා කියනවා. ඉතින් ඇත්තටම “හුස්ම මට ලොකු සතුටක්.

සුදේශ්ගේ ඊළඟ නිර්මාණයත් වෙනස් වෙයිද?
ඔව්.. මම හිතන්නේ මම මේ තෝරගත්තු මාර්ගය හරි කියලයි. තව මගේ පිටපත් දෙකක් ලියලා තියෙනවා. ඒවත් මේ ආකාරයෙන්ම වෙනස් විදිහේ නිර්මාණයන් දෙකක්. මගේ එක “බයිස්කෝප් චිත්‍රපටයක්වත් අසාර්ථක වෙලා නැහැ. නමුත් ඒවට වෙනස් වුණු නිර්මාණයන් දෙකක් ඉදිරියේදීත් දැකබලා ගන්න පුළුවන් වේවී.

 

► Text - Dishani   /   Pic – Internet