2019 ජුලි 13 වන සෙනසුරාදා

පහේ කණුවට ළඟා....යි

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 226

රැට්ටගෙ Social Media වීඩියෝ එක නොලියම බෑ වගේ හැඟීමක් අපිට ආවා. අපි වීඩියෝ එක බලන කොට දවස් හතරක් ඇතුළත Views ලක්ෂ පහකට කිට්ටු වෙලා තිබුණා. ඒක රැට්ටාගේ සමාන්‍යයට වඩා සැලකිය යුතු ඉහළ අගයක්. රැට්ට ගැන කලින් ලියලා තියන නිසා මෙදා පාර වීඩියෝ එකේ කන්සෙප්ට් එක ගැන තමා අපි කතා කරන්න බැලුවේ. කාලෙකින් ලංකාවේ Youtubers ලා අතරින් මතුවුණු සුපිරි කන්සෙප්ට් එකක් මේක.

අපි දන්නවානේ රැට්ටා කතා ගොඩනගන්නේ තාත්තා පුතා අතර ඇතිවෙන සිදුවීම් අනුසාරයෙන්. ඒ කතාවල පරම්පරා ගැටුම කියන සංකල්ප තමයි බොහෝ වෙලාවට පේන්න තියෙන්නේ. සමාජ මාධ්‍ය ඇසුරේ මේ පරම්පරා ගැටුම ගොඩක් වෙලාවට හාස්‍ය රසයක් මතු කරන කාරණයක්. ඒක ගැන තරුණ පරම්පරාව එක්ක කතා කරනකොට හොඳාකාරවම තේරෙන දෙයක්. ඔවුන් එක්ක අත්විඳිමින් ඉන්නවා මේ මොහොතේ පවා. සෝෂල් මීඩියාවල මේ තත්ත්වය පදනම් කරගෙන බිහිවුණ නිර්මාණය youtube වල විතරක් නෙවෙයි ටෙලිවිෂන්වලත් පහුගිය කාලේ දැකගන්න පුළුවන් වුණා. නමුත් අපි පෞද්ගලික හඳුන්වනවා රැට්ට කරලා තියෙන මිනිත්තු 6 යි තත්පර 12 ක මේ නිර්මාණය මේ දක්වා මේ සම්බන්ධ කරලා තියෙන හොඳම වීඩියෝ එක විදිහට.

ප්‍රායෝගිකව වැඩිහිටියන් සමාජ ජාල ගතවීමේදී තාරුණ්‍ය දකින හාස්‍ය උත්පාදක සරල දේවල් ටික ඔහු මේකෙදී අපූරුවට ග්‍රහණයට කරලා තියෙනවා. උදාහරණය විදිහට ගොඩක් වැඩිහිටියන්ට ඔය Facebook ගිණුමක් හදලා දෙන්නේ තරුණ අය නැත්නම් ළමයි. නමුත් ඒ හදලා දෙන social Media Account එක අතුළේ ඔවුන් කරන කියන දේවල් නිසා ලැජ්ජාවක් වගේම සිනහවක් ඇතිවෙන්නේ මේ අයටම තමා. ඒ වගේම මේක බොහෝ වෙලාවට නැවත හරවන්න බැරි වරදක් වගේ දෙයක්. පස්සේ සෝෂල් මීඩියා ගැන ඒ අයට දෙයක් කිව්වාම ඒක අවබෝධ කර ගන්න වැඩිහියන්ට බෑ. ඉතින් රැට්ටා තාත්තාට FB Account එකක් හදලා දුන්නා.

ඊට පසේ ඇතිවුණ තත්ත්වයට වීඩියෝ එකෙන්ම උදාහරණයක් ගත්තොත් රැට්ටාට ගේ අතුගාන්න වෙනවා. කෑම කඩෙන් ගේන්න වෙනවා. තත්තා Facebook යනවා. තනියම හිනාවෙනවා. මේ මතු පිටෙන් පේන සංවාදයේ විශාල ගැඹුරක් තිබෙනවා. ඇත්තටම මේ තත්ත්වය මත අද ගෙවල්වල ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියනවා. අම්මලා තාත්තලා ක්ෂණිකව ගෙදර පරිසරයෙන් ඈත්වෙලා වෙනම ලෝකවලට ගිහින්. මේක එක අතකට පොදු සමාජ ප්‍රශ්නයක්.

වීඩියෝ එක තැනක දී රැට්ටා තාත්තාට කියනවා Tiktok වෛරස් එකක් ඕක නම් කරන්න එපා කියලා. ඒත් තාත්තා ටික්ටොක් කරනවා. මේක සෝෂල් මිඩියා ඇතුළේ වැඩිහිටියන් තමන්ට උචිත අනුචිත බව තේරැම් නොගැනීමට තියෙන සරලම උදාහරණය.  අපි බලමු ඇයි එහෙම හැකියාවක් ඒ අයට නැත්තේ කියලා. හේතුව තමයි Social Media ඇතුළේ තරුණ පරපුර ගොඩක් වෙලාවට ක්‍රමිකව පරිණාමයකට ලක්වුණා. ඔවුන් එහි ස්වභාවය පිළිබඳව අවබෝධක් ලබාගත්තා. ඒක ආයාසයකින් කරපු දෙයක් නොවුණත් මේක කාලයත් එක්ක සිදුවෙච්ච දෙයක්. ඉතින් දැන් මේක වෙනම උප සංස්කෘතියක්. එකපාරට පිටතින් එන කෙනෙක්ට ඒක දරාගන්න වගේම අනුගත වෙන්න අමාරුයි. රැට්ටාගේ කතාව ගොනුවෙන්නේ එතෙන්ට. ඉතින් වැඩේ නැගලා ගිහින් තියෙන්නේ ඒ නිසා වෙන්නත් ඕනා.

අපි අද රැට්ටාගේ වීඩියෝකරණය වගේම තාක්ෂණික දේවල් ගැන නම් කතා කළේ නෑ. මොකද Youtube Hit එකක් බවට පත්වුණ Trending ආපු මේ වීඩියෝ එකේ ඇතුළත් සංකල්ප තමා වැදගත්ම.

 

► Text - Nisal   /   Pic – Internet