2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

රැට්ටගේ බට්ටා මුදුනට

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 231

රැට්ටගේ බට්ටා අවුරුදු විඩියෝව ගැන තමයි Youtube Hit වලින් අද අපි කතා කරන්නේ. රැට්ටා කියන්නේ මෑතකාලීන ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කරගත්ත Youtuber කෙනෙක්. ඔහුගේ ශෛලියයි තරමක් වෙනස්. ඒ නිසාම රැට්ටා ගැන අපි පළමුවෙන්ම කතා කළ යුතුයි.

රැට්ටා Youtube Channel එකට Subscribers ලා එක්ලක්ෂ අනූදාහක් විතර තියෙනවා. ඒවගේ ගොඩ වීඩියෝ සඳහා Views ලක්ෂ දෙකත් හතරත් අතර සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. එනිසාම ලංකාවේ ප්‍රධාන පෙලේ Youtube Channel එක විදිහට රැට්ටා හඳුන්වන්න පුළුවන්. හාස්‍යජනක කතාන්දර නිෂ්පාදනය තමයි රැට්ටා හරහාත් සිදුවෙන්නේ. නමුත් මෙය අනෙක් Youtube Channel සුවිශේෂී වෙන්න විශේෂ කරුණක් බලපානවා. රැට්ටා නිෂ්පාදනය කරන වීඩියෝ සියලුම චරිත රඟපාන්නේ රැට්ටා විතරමයි. ඒක බොහොම අපූරැ සංකල්පයක්.

අපි කතාකරන බට්ටා වීඩියෝ ඉතා සරල මිනිත්තු එකයි තත්ත්පර විසිහතරක විඩියෝවක්. අවුරුද්ද නිමිති කරගෙන තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙහි කතාවේ තේමාව අවුරුද්දට බට්ටෝ පත්තු කිරීමට අදාළයි. සාමාන්‍යයෙන් අවුුරුදු කාලේ සිදුවෙන අනතුරක් තමයි. මේ මෙහිදී තරුණයෙක් සහ අංකල් කෙනෙක් තමයි ඉන්නේ. සාමාන්‍ය නම් රැට්ටාගේ වීඩියෝවල ගොඩක් ඉන්නේ තාත්තායි පුතයි කියන චරිත දෙක. කොහොම වුණත් බට්ට වීඩියෝවේ කෙටි පිටපත දෙබස් බොහොම අපූරුයි. රැට්ටා ඒ ඒ චරිත වෙනස් විදිහට රඟපාන්න පුළුවන් බොහොම දක්ෂයි. ඒ නිසාම මේ වීයෝවෙත් මේ දෙන්නම එක්කෙනෙක් කියන හැඟීම ප්‍රේක්ෂකයාට දැනෙන්නේ ඉතා අඩුවෙන්.

අපි දැන් මෙහි තාක්ෂණික පැත්තට අවධානය යොමුකරමු. වීඩියෝකරණය කියන කාරණය ඉතාම විශේෂයි. එකින් එකට වෙන්වන්න කතාව ගොඩනැගීමට අවශ්‍ය ශොට් ලබාගැනීමට මෙතැනදී සිද්ධවෙලා තියනවා. Jump එක නැතිනම් අනුචිත බවක් සංස්කරණ තුළ සිදු නොවීමට නම් මෙවන් වීඩියෝවක කැමරා කරණය හරි පරිස්සමින් සිදුකර යුතුවෙනවා. රුට්ටාගේ වීඩියෝවල ඒ පරිස්සම බොහෝවිට දැකගන්න පුළුවන්. තනි නළුවෙකු විසින් මේ කරන රංගනය රූපයට නැගීම දුෂ්කර බව අපි අවිවාදයෙන් පිළිගත යුතුයි.

මීළඟට සංස්කරණ පිළිබඳ කාරණය. එයත් ඉතා වැදගත්. Editing කියන මත තමා මේ වගේ විඩියෝවක සියල්ලම රඳාපවතින්නෙ. ඒක බොහොම පැහැදිලියි. ඒ නිසා රැට්ටාගේ Editing පට්ට කියලා තමා අපට කියන්න වෙන්නේ. පිටපත සහ අධ්‍යක්ෂ සලසුම් සහගත සිද්ධවෙලා තියනවා.

 

► Text - Nisal   /   Pic – Internet