2018 ජුලි 28 වන සෙනසුරාදා

ගමරාළ හා රයිගම් බණ්ඩා ලඟදීම එළියට

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 183

ප්‍රවීණ නාට්‍යවේදී අතුල වී.සමරවීරගේ ‘ “සූටි” ගමරාළ හා රයිගම් බණ්ඩා’ වේදිකා නාට්‍ය නව නිෂ්පාදනයක් ලෙස තව නොබෝ දිනකින් වේදිකා ගතවීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ මුහුරත් උළෙලක්  කොළඹ සුදර්ශි පරිශ්‍රයේ පිහිටි දයානන්ද ගුණවර්ධන ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. 

දශක කීපයක සිට අතිශය ජනප්‍රිය හාස්‍ය නාට්‍ය නිර්මාණයක් ලෙස පිළිගැනෙන සූටි ගමරාළ හා රයිගම් බණ්ඩා වෙනුවෙන් මෙවර ජයලාල් රෝහණ ,සරත් කුලාංග, සරත් චන්ද්‍රසිරි , සුසිලා කෝට්ටගේ ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. නාට්‍යයේ පෙර පුහුණුවීම් ද මෙහිදී සිදු වූ අතර අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ සූටි ගමරාළ හා රයිගම් බණ්ඩා වෙනුවෙනි.

♦ Romesh Dhanushka Silva