2019 මැයි 11 වන සෙනසුරාදා

පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31 130

Cartoon කියන්නේ Youth Trend එකක් කිව්වොත් ටිකක් පුදුම හිතෙනවා නේද? ඒත් ඒක එහෙම්ම තමා මචෝ. අද කාලේ පුංචි පැංචෝ වෙන වෙන දේවලට Interest වෙනකොට කොල්ලෝ කෙල්ලෝ Cartoon වලට Love අම්බානෙට. ඒ නිසාම අපි Y Trend එකට Cartoon සීන් කෝන් එක ගලප ගන්නවා. 

මා බාල කාලේ... ටීවී එක ගාව සාලේ... බැලුව ඒ කාටූන් මතකයි තවම රාලේ... ඔන්න ඕක තමා අපේ තරුණ පරම්පරාවට Cartoon පිස්සෝ වෙන්න පළවෙනි හේතුව. මා බ්‍රෝ අද Youth එකේ බහුතර 90 දශකයේ ළමා කාලේ ගතකරපු අයනේ. ඉතින් ඔන්න ඒ කාලේ තමයි ලංකාවට කාටුන් ආවේ. එහෙම් ඒ කාලේ කාටුන් සිංදු ටික මතක් කර ගන්න ගමන් අපි Story යට Line වෙමු කෝ...

හොරා කෑම බැරිවුණ දා - දත් විලිසා නිය විහිදා
කොන්ද නමා දුන්න ලෙසා - පහුරු ගායි මේකා
පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ
පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ

මගේ දෑස දෙස බලනු ඔබ දැන හිච්චි කොල්ලෙක්. ඉස්කෝලෙන් ගිහින් ගෙදර ඇවිත් කෑම කාල පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ඉඳලා, හවස හතර, පහ වෙද්දී TV එක ඉස්සරහාට සෙට් වෙනවා. අම්මා බනිනවා ගෙදර වැඩ කරන්න කියනවා. අපි කාටූන් පෝලිම බලනවා සමහර වෙලාවට අහල පහල ගෙවල්වල අයත් සෙට්වෙලා තමා බලන්නේ. කාටූන් ටික බලන්න විතරක් නෙවෙනේ මචෝ මතකද පහුවෙනිදට ඒවා ගැන ඉස්කෝලේ ගිහින් තොර තෝංචියක් නැතුව යාළුවොත් එක්ක කියවන්න. ආ... කොහොම ඒ කාලේ. ඉස්කෝලේ ගෙදර වැඩ නොකර ගුටි කෑවත් අපි කාටූන් බැලුවා.

90 දශකය කාටුන් පිස්සෝ දැන් ලොකු කොල්ලෝ කෙල්ලෝ. ඒ වුණාට පරණ පුරුදු අතහැර ගන්නෙ නෑ. කාටූන් බලනවා. මේක ලංකාවේ විතරක් නෙවෙයි සුදා ලෝකෙම අද තරුණ පරම්පරාවේ ලොකු ඇබ්බැහියක්. ඇලේ දොලේ වෙලේ පැනලා ළමා කාලේ ගතකරපු අපේ වැඩිහිටියෝ කාටූන්වලට එච්චර කැමති නෑ. ඒකනී එයාල ඔයාල පොඩි කාලේ කාටූන් බලනවාට කේස් එක දැම්මේ. ඒ වුණාට ටෙලිවිෂන් එක ඉස්සරහා ළමා කලේ ගතකරපු තාරැණ්‍යය කාටුන්වලට තාමත් පිස්සු වැටිලා. දැන් මේ Cartoon Y Trend එකට හේතු පැහැදිලියිනේ සුදා.

කවුරුද කවුුරද රණ්ඩු කරන්නේ - නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ
මොකටද මොකටද රණ්ඩු කරන්නේ - වැඩකට නැතිවලු ගහ බැණගන්නේ

Y Trend එක් විදිහට කාටූන් ගැන කතා කරනකොට අපි බලන්න ඕනා කොහොමද අපේ Younger Generation එක Cartoon බලන්නේ කියලා. ගෙදර ඉන්න වෙලාවට පොඩ්ඩෝ කාටූන් බලනකොට මෙයාලත් ඔහේ ටිවී එක දිහා බලාගෙන ඉන්නවා. නිකන් ගාණක් නෑ වගේ. අම්මෝ ඒ වුණාට හිත ඇතුළේ පට්ට පතුරු යන්න ආසයි. කාටූන් එකේ සීන්වලට හිතින් හිනාවෙනවා භයවෙනවා ඒ වුණාට අනික් අයට පේන්නේ නෑ... මොකද ලැජ්ජයිනේ. ඉස්සර අම්මලා කාටූන් බලන්න එපා කිව්වාට ඕන් දැන් කාලේ තරුණ අම්මලා ළමයි එක්ක Cartoon බලනවා. තාත්තිලාත් එහෙම තමයි ඉතින්...

මුහුද මගේ ගොඩබිමයි - නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගෙ තමයි - දොස්තර හොඳහිත මමයි

අනික් සීන් එක Youtube එකේ කාටුන් බැලීම. ඒකත් ඉතින් Private එකේ තමයි කරන්නේ. හැමෝම නෙවෙයි සමහරු මේ සීන් එකේ ඉන්නවා. 3D Animation එහෙම එයාලා බලන්නේ පුදුම පිස්සුවකින්. ඒ වගේම මේ කොයි කාටත් තියන පොදු උණක් තමයි ලංකාවේ හඬ කවපු කාටූන්වලට තියෙන ආසාව. මොන්ටිසෝරි වැඩක් වගේ පෙනුණාට මේවා අහිංසක ආසාවල්. ඉස්සර කාටූන්වලට නියමෙටම හඬ කවලා තිබ්බා. දොස්තර හොඳහිත, පිස්සු පූසා, සුර පප්පා, රජ ඉබ්බෝ, වලස් මාමා, ටිංටිං මතක ඇතිනේ කස්ටියට.

අලුතින් එන 3D Animation Films එන සැණින් Download කරගෙන බලන එකත් මේ පිස්සුවේම කොටසක් තමයි සුදා. ඔන්න එහෙම අය නම් සෑහෙන්න ඉන්නවා. Download කෙරේ නැතත් කරන එකෙක්ගෙන් ඉල්ලගෙන බලනවා. එතකොට සමහරු සිනමා ශාලාවලම ගිහින් බලනවා. ඒ කියන්නේ තමන්ගේ පොඩි අය එක්කම. මේ සීන් කොහොම වුණත් නිවාඩු දවසට ගෙදරදී කාටූන් බලලා අම්මාට තාත්තා නෝන්ඩි වෙච්ච අය කොච්චර ඉන්නවාද?
හරී මගේ සුදු පැංචෝ පැංචියෝ අයිති මේ කොයි කාණ්ඩේටද? නිකන් මොත්තේ දන්න එපා බ්‍රෝ තාම කාටූන් බලනවා නේද? හරි අපි කාටවත් කියන්නේ නා ඕං...

ලංකාවේ කාටූන් කස්ටිය Line එකේ ඉන්න අපේ Younger ගැන් එක අකැමැති දෙයක් තියෙනවා. ඒ තමා Indian Cartoon. තරුණ බහුතරයට මේවා දිරවන්නේ නෑ. මොකද මේවා අද ඊයේ ආව එවා. ඒ කාලේ තිබ්බේ යුරෝප් ඇමරිකන් කාටූන්... ඒවල සීන් එක වෙනස්නේ. අපේ සෙට් එක කියන විදිහට ඒවා තමා සුපිරි. ඉන්දියන් ඒවා පට්ට ගොන්. කොහොම වුණත් මේක පට්ට Trend එක අද කාලේ. කියන්න ලැජ්ජයි ඒත් සුපිරියි. ඇත්තටම වැඩිහිටියන් වෙලත් අදටත් කාටූන් බලන්න Younger Generation එක ආස කරන්නේ, මේ කාටූන්වලින් අපි ලබපු විනෝදය නිසා කිව්වොත් හරියටම හරි. එදා ළමා කාලය මේවයින් රසවත් වුණාට අද ළමයින්ගේ ළමා කාලය වෙනස් Video Game වගේ එක එක දේවල් තියනවා. ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට ළමා කාලයේ මතකයන් වෙනස්. ඒක තමා ඇත්තම කතාව මගේ සහෝ. ඉතින් කොහොම වුණත් Cartoon කියන්නේ අද තාරුණ්‍යයේ ජීවිතවල සුන්දර මතකයක් වගේම. අතහැර ගන්න බැරි පුරුද්දක්.

කැලේ මැද ගමක් තියෙනවා
එහි පප්පල රෑනක් ඉන්නවා
ගමට පප්ප ගම කියනවා
ඒ පප්පල ජොලි වැඩ කරනවා

මොකද බලන් ඉන්නේ කට්ටිය එකතුවෙලා මාත් එක්ක කියමු.

 

► Text - Nisal   /   Pic – Internet

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30