2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

අමෙරිකන් මන්ත්‍රීනියගේ වාර්තාගත කතාව

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

ඇමෙරිකාවට පැමිණ සංක්‍රමණිකයන් වෙනුවෙන් හඬ නඟන එරට දේශපාලනඥවරියක් වන නැන්සි පෙලොසි පසුගියදා පාර්ලිමේන්තුවේදී වාර්තාවක් තැබුවාය. ඒ, අමෙරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සිදුකළ දීර්ඝතම කතාව කරමිනි. ඇය මෙලෙස හඬ අවදි කර තිබුණේ “ඩ්‍රීමර්ස්” (සිහින දකින්නන්) ලෙස හැඳින්වෙන ඇමෙරිකානු සිහිනය සැබෑ කර ගැනීමට ළමාවියේදී එරටට පැමිණි සංක්‍රමණිකයන් වෙනුවෙනි. ඔවුන් සුරක්ෂිත කරන මෙන් ඇය සිය දීර්ඝ විස්තර කතාවෙන් ඉල්ලා තිබුණි. එරට වේලාවෙන් පෙ.ව. 10.04ට ඇරඹුණු ඇගේ කතාව සවස් යාමය දක්වා පැවති බව වාර්තා සඳහන් කරයි. මෙහිදී ඇය සංක්‍රමණිකයන් ගණනාවකගේ කතා පුවත් රැසක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ පවසා ඇත.