2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

ගුජරාට් මහා ගංවතුර

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මහා ගංවතුරට ගොදුරු වී 218 දෙනෙකු මේ වනවිට මරණයට පත්වී ඇත. 1,30,000කට ආසන්න පිරිසක් වෙනත් තැන්වල පදිංචි කරවා තිබේ. මරණ සංඛ්‍යාව දින දෙකක් ඇතුළත දෙගුණයක් බවට පත්වූයේ ජල මට්ටම අඩුවෙමින් පවතිද්දී තවත් මළසිරුරු සියයට අධික ප්‍රමාණයක් සොයාගැනීමත් සමගය.

ජල ගැල්ම හේතුවෙන් 450,000ක් පමණ අවතැන් වී ඇති බවට තක්සේරු කර තිබේ. ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට ඇදහැළුණු ධාරානිපාත මෝසම් වර්ෂාව ප්‍රාන්ත  20කට පමණ දැඩි බලපෑම් කර තිබේ. මුළු රටපුරා 700කට ආසන්න පිරිසක් ගංවතුර හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ උතුරුකරයේ ඇසෑම් ප්‍රාන්තයේ ද විශාල පිරිසක් මරණයට පත්වී ලක්ෂ ගණනක් අවතැන් වී සිටිති. පුළුන් වගාබිම් 50000ක් යටවී තිබේ. සතුන් 4000කට වැඩියෙන් මරුමුවට පත්වූ බව වාර්තාගතය. ගංවතුර තත්ත්වය පරීක්ෂා කිරීමට පැමිණි අගමැති මෝදි ගංවතුරෙන් හානිවූවන්ට හෝ එයින් මියගිය අයගේ ඥාතීන්ට ලක්ෂ 2ක වන්දියක් දීමට නියම කළේය.