2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

ආගමික පාසලකට ගුවන් ප්‍රහාරයක්!

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

ඇෆ්ඝනිස්තානයේ ටඛාර් ප්‍රාන්තයේ ආගමික පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් ඇතුළුව 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇත.
හසාරා කර්ලුක් නම් ගම්මානයේ පිහිටි මද්‍රාසා පාසලකට එල්ල වූ එම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ළමුන් 11 දෙනකු සහ ආගමික ප්‍රධානියෙකි. නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ඇෆ්ඝනිස්තාන රජය පවසන්නේ මියගොස් ඇත්තේ තලිබාන් සටන්කරැවන් 12 දෙනකු  බවය.

එම ප්‍රදේශයේ සිදු කළ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 30 දෙනෙක් පසුගියදා මියගියහ. මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට පිළිතුරක් ලෙස බව විදෙස් මාධ්‍ය පවසා ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00