2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

සබ්මැරීන මරණ ඉන්දියාවේ අලුත්ම මිසයිලය SMART

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

ඉන්දියාව සිය අලුත්ම මිසයිලය ඉකුත්දා සාර්ථකව අත්හදා බැලුවේය. ස්මාර්ට් ලෙස නම් කර ඇති මේ මිසයිලය සැතපුම් 400කට වඩා ඈතින් පිහිටි සබ්මැරීන්වලට පහර දී විනාශ කළ හැකි ටෝර්පිඩෝවක් රැගත් මිසයිලයකි. ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයෙන් ඔබ්බේ පිහිටි වීලර් දූපතේ රඳවා තිබූ මිසයිල විදිනයකින් මේ මිසයිලය මුදා හරිනු ලැබුණි.

මෙය ක්‍රියාත්මක කිරීමේ පරීක්ෂණයෙන් සිය සබ්මැරීන්නාශක ශක්තිය තර කර ගැනීමට හැකි වූ බව ද එරට  ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයක සඳහන් වේ. මිසයිලය ඉහළට විදීම, එය රඳවාගෙන යන නාසයෙන් මිදීම, ටෝර්පිඩෝව මුදාහැරීම සහ ප්‍රවේගය ලබාගැනීම යන කාරණා ඉතාම නිවැරැදිව සිදු වූ බව ද වැඩිදුරටත් සඳහන්ය.