2020 ජුනි 27 වන සෙනසුරාදා

මිරාපි ගිනිකන්ද වසර 10කට පසු යලි සක්‍රීය වෙයි!

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 175

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වී තිබේ. ඉකුත් සතිය මුල අවස්ථා දෙකකදී ගිනිකන්දේ පිපිරීම් සිදුව ඇත. ඉන් නිකුත් වූ අළු මීටර් 6000ක් පමණ ඉහළට පැතිර ගොස් තිබුණී.

ලොව වඩාත් සක්‍රීය ගිනිකඳු අතරට අයත් වන මිරාපි ගිනිකන්ද සක්‍රීය වීමෙන් 2010 වසරේදී පුද්ගලයන් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණි. මෙවර ගිනිකන්දේ පිපිරීම් සිදුවීමත් සමඟ ඒ අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගත්හ. එමෙන්ම ඒ ආශ්‍රිතව ගුවන්ගමන් ද තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී ඇත.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00