කොරෝනා රෝගීන් සඳහා අඩු වියදම් වෙන්ටිලේටරයක් ඉවත දමන මෝටර් රථ අමතර කොටස්වලින් නිර්මාණය කිරීමට ඇෆ්ගනිස්ථානයේ පාසල් සිසුවියන්ගෙන් සමන්විත කණ්ඩායමක් කටයුතු කරති. 2017 වසරේ ඇමෙරිකානු තරගයක දී විශේෂ සම්මානයකින් පිදුම් ලැබූ මේ පිරිස මැයි අවසන් වීමට ප්‍රථම තම නවතම නිර්මාණය එළිදැක්වීමේ ඉලක්කය සපුරා ගැනීමට කඩිනමින් සිය අත්හදාබැලීම් සිදුකරමින් පසු වෙති.
දශක ගණනාවක යුද්ධයක නිරත වී සිටින, මිලියන 38.9ක ජනගහනයක් සිටින ඇෆ්ගනිස්තානයේ වෙන්ටිලේටර ඇත්තේ 400ක පමණ ප්‍රමාණයකි. මේ වනවිට 7,650ක කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් සිටින එරටේ කොරෝනා මරණ 178ක් වාර්තා වී ඇත. දුර්වල සෞඛ්‍ය සේවයක් පවතින ඒ රටේ අවදානම් සහගත තත්ත්වය ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය බලධාරීහු බිය පළකරති.