2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

ට්‍රම්ප් සමඟ ජනපති සටනට බ්ලූම්බර්ග්!

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 123

කෝටිපති ව්‍යාපාරික මයිකල් බ්ලූම්බර්ග් එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරගයට අවතීර්ණවීමට දැඩි ලෙස සලකා බලමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. මයිකල් බ්ලූම්බර්ග් වෝල් වීදියේ බැංකුකරුවෙකු වන අතර ඔහුගේ නම දරන මූල්‍ය ප්‍රකාශන ආයතනයක අධිපති ධූරය හොබවයි. දානපතියෙකු වන ඔහු අධ්‍යාපන, වෛද්‍ය සහ වෙනත් අරමුණු සඳහා ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කර ඇත.

මුලින් ඩිමොක්‍රොටික් පාක්ෂිකයකු වූ ඔහු 2001 දී නිව්යෝර්ක් නගරයේ නගරාධිපති ධුරය සඳහා සාර්ථක ව්‍යාපාරයක් දියත් කිරීම වෙනුවෙන් රිපබ්ලිකානුවෙකු බවට විය. ඔහු 2012 වනතෙක් වාර තුනක් නගරාධිපති ධුරයේ කටයුතු කළ අතර ඩිමොක්‍රටික් පක්ෂයට නැවත එක්වූයේ පසුගිය වසරේදීය.

හිටපු නිව්යෝර්ක් නගරාධිපතිවරයා සැලකිලිමත් වන්නේ 2020 මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට වර්තමාන අපේක්ෂකයින්ගේ ක්ෂේත්‍රය ප්‍රමාණවත් නොවන බවයි. 77 හැවිරිදි ඔහු මේ සතියේ ඇලබාමාහි ඩිමොක්‍රටික් ජනාධිපති ප්‍රාථමිකය ඉදිරියේ අදාළ ලිපිලේඛන ගොනු කිරීමට අපේක්ෂා කරයි.

ජනාධිපති ට්‍රම්ප් සමඟ තරග වැදීමට අපේක්ෂකයින් 17 දෙනකු මේ වනවිට සූදානම්ව සිටිති. ඒ අතර හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන්, මැසචුසෙට්ස් සෙනෙට් සභික එළිසබෙත් වොරන් සහ වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ඩිමොක්‍රටික් පෙරමුණ ගෙන සිටිති.