බොලිවියාවේ විපක්ෂය මේ දිනවල සිටින්නේ මහපාරේය. ජනාධිපති එවො මොරාලෙස්ට එරෙහිවය. බොලිවියාවේ හිටපු ජනාධිපති එවො මොරාලෙස් පසුගියදා සිවුවැනි වරටත් ජනාධිපති ධුරයට තේරී පත්විය. මෙවර මැතිවරණයේදී වංචා සහ දූෂණ සිදුවූ බව කියමින් විපක්ෂය වීදි බැස්සේ ඉන් අනතුරුවය. බොලිවියානු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වනතුරැ සිය විරෝධතා අත්නොහරින බව බොලිවියානු විරෝධතාකරුවෝ කියති. මේ වනවිට තිදෙනෙකු මිය ගොසිනි. ඒ අතර ඈත දුර ටවුමකින් වාර්තා වූයේ අපූරු සිද්ධියකි.
මධ්‍යම බොලිවියාවේ කොචබම්බා ප්‍රදේශයේ වින්ටෝ ටවුමේ නගරාධිපතිනිය පැට්‍රීෂියා ආර්ස් හට රටපුරා පැතිර යන විරෝධතාව බලපෑවේ සෙනසුරු දසාවක් හැටියටය. ටවුමේ ජනාධිපති විරෝධතාවට සහභාගි වූ දෙදෙනෙකු මියයාමත් සමඟිනි. එයට එරෙහිව පාරට බැස්ස විරෝධතාකරුවන් ටවුමේ පාලම මත තනා තිබූ මාර්ග බාධකය ජනාධිපති හිතවාදී නගරාධිපතිනිය ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග පිරිස නගර ශාලාව වට කළහ. පාලක පක්ෂය නියෝජනය කරන ඇය අල්ලාගත් පිරිස පාලම මතට රැගෙන ගොස් ඇය දණ ගස්සවා ඇගේ දිගු කොණ්ඩය කපා දැමූහ. ඉන් නොනැවතුණු පිරිස ඇගේ හිසටත් ඇඟපුරාත් රතු පැහැති තීන්ත වැගිරෑහ. ඉන්පසු තනතුරෙන් ඉල්ලා අස්වූ බවට ඇගෙන් බලෙන් ලිපියකට අස්සන්ද ගත්හ. පැය ගණනක මේ හිංසනයෙන් පසු ඇය ප්‍රදේශයේ පොලීසිය වෙත බාර දී තිබුණි.
රටපුරා මේ විරෝධය හටගත්තේ ඉවො මොරාලේස් ඔක්තෝබර් 20දා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිපල තමන්ට වාසිදායක ලෙස යොදාගැනීමත් සමගිනි. මුල් වටයේ ඡන්ද විමසීමෙන් පසු ප්‍රතිඵල ගණන් කිරීම පැය 24ක් ඉක්මයන්ටත් පෙර නවතා දමන ලද අතර ඒ වනවිට මොරාලේස් සියයට 10ක ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටියේය. පසුව මේ ප්‍රතිපලය මත තමන් නැවත වතාවක් ජනාධිපති බව ප්‍රකාශ කළේය. 2006 සිට එරට මුල්පුටුව දැරුවේ මොරාලේස්ය. ඔහුගේ පාලනය යටතේ රට ආගාධයට ඇදවැටුණු බව චෝදනා කළ විපක්ෂය බලකර සිටියේ ජනාධිපතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්වී නව නායකත්වයක් සඳහා ඉඩ ලබාදිය යුතු බවටය. 20දා ඡන්දය එහි ප්‍රතිඵලයකි. දැන් එයින්ද තමන් රවටා ඇති බව විපක්ෂ විරෝධතාකරුවන්ගේ චෝදනාවයි.