දෙසැම්බරය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නත්තලටය. කාටත් ඒ කාලයට සිහිපත් වන්නේ නත්තල් පප්පා සහ තෑගිබෝග ගැනය. එංගලන්ත ජතාවට මෙවර නත්තලට අලුත් තෑග්ගක් ලැබෙන්නට නියමිතව තිබේ. ඒ නත්තල් මහ මැතිවරණයකි. මෙම දෙසැම්බර් මස 12 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීමට අගමැති බොරිස් ජොන්සන් ගත් තීන්දුවත් සමඟිනි. ඒ අනුව එංගලන්තයේ දෙසැම්බර් මස මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර 96කට පසුවය. එනම් 1923 වසරෙන් පසු ප්‍රථමවරටය. ඒ, එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ද බෝරිස් ජොන්සන්ගේ හදිසි මැතිවරණ තීන්දුවට එකඟත්වය පල කිරීමත් සමඟිනි.
යුරෝපයෙන් දික්කසාද වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හමුවේ මෙම තීරණය ගෙන ඇත. නමුත් මීට පෙර කඩිනම් මැතිවරණයක් සඳහා අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මන්ත්‍රීවරුන් විරෝධය පළ කර තිබුණි. මැතිවරණයක් පැවැත්වීමට අදාළ කෙටුම්පත සාමි මන්ත්‍රී මණ්ඩලය මගින් මේ සතිය තුළ අනුමත කරනු ඇතැයි අපේක්ෂිතය. එසේ වුවහොත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සති 5ක කාලයක් වෙන්ව තිබේ.
අගමැති බෝරිස් ජොන්සන්ගේ ආකල්පය වන්නේ, එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සහ රටේ අනාගතය සම්බන්ධයෙන් තීන්දුවක් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාවක් දිය යුතු බවය. එමගින් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අපහසුවකින් තොරව ඉදිරියට ගෙන යාමට තමන්ට අවස්ථාව හිමිවනු ඇතැයි බෝරිස් ජොන්සන් අපේක්ෂා කරයි. මීට පෙර එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව තිබුණේ, මෙම 31 වැනිදාය. නමුත් දැන් එය ලබන ජනවාරි 31 වැනිදා දක්වා කල් ගොස් තිබේ. මෙම මැතිවරණය අගනා අවස්ථාවක් බව කියන්නෙ එංගලන්ත කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින්ය.
කෙසේ වෙතත් මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පැවති ජන්ද විමසීමට කම්කරැ පක්ෂයේ මන්ත්‍රීවරුන් සියයට වැඩි සංඛ්‍යාවක් සහභාගී නොවූ අතර, ජෙරමි කෝබින් ඇතුළු කම්කරු පක්ෂ මන්ත්‍රීවරැන් 127ක් මැතිවරණයක් පැවැත්වීමට සහය පළ කරමින් ජන්දය ප්‍රකාශ කර තිබුණි.