2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

මෝදි - පුටින් සුහද හමුවක්!

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ දිනවල රුසියාවේ සංචාරයක නිරත වෙයි. මෝදි පිළිගැනීමට ගුවන්තොටුපළේ විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණි. රටවල් කිහිපයක නායකයන්ගේ සහභාගිත්වයෙන් ව්ලැදිවොස්ටොක් නගරයේදී පැවැත්වෙන නැගෙනහිර ආර්ථික සමුළුවට සහභාගි වීම අගමැති මෝදිගේ සංචාරයේ ප්‍රධාන අරමුණයි. එමෙන්ම මෙම සංචාරයේදී විසිවැනි ඉන්දියා - රුසියා වාර්ෂික සමුළුවටත් අගමැති මෝදි සහභාගි වීමට නියමිතව ඇත. දෙරට අතර ඩොලර් බිලියන 30ක වාර්ෂික වෙළඳාමක් 2025 වන විට ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන බව මෙහිදී ප්‍රකාශයට පත් විය. 

ගෑස්, තෙල් හා අභ්‍යවකාශ තරණය වැනි මාතෘකා ඔස්සේ දෙරටේ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්විණි. ආරක්ෂාව, නැව් ප්‍රවාහනය, බලශක්තිය ක්ෂේත්‍රයන්හි නව ද්විපාර්ශ්වික ගිවිසුම් මගින් ඒ සඳහා අවශ්‍ය වන ඩොලර් බිලියන 29 උත්පාදනයට බලාපොරොත්තු වේ. ඒ අනුව නායකයන් අතර නව ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීණි.
ව්ලැදිවොස්ටොක් නගරයේදී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවීමෙන් අනතුරැව නායකයන් දෙපළ බෝට්ටු සවාරියක් සඳහා ද එක්වූහ. ඉන්දියාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, ආරක්ෂක හා ආර්ථික සබඳතා ඉතා ශක්තිමත් මට්ටමක පවතියි.

 

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00