2019 ජුනි 08 වන සෙනසුරාදා

තායි මුල්පුටුව හමුදා ජනරාල්ට

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

තායිලන්ත හමුදා කුමන්ත්‍රණය මෙහෙයවමින් එරට බලය අල්ලාගත් හමුදානායක ජනරාල් ප්‍රයුත් චාන් ඔචා අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම රාජ්‍යයක් වන තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරාපත් කරගනු ලැබිණි.

60 වැනි වියෙහි පසුවන ප්‍රයුත් පසුගියදා එරට පාර්ලිමේන්තුවේදී සිදුකළ ඡන්ද විමසීමේදී බහුතර ඡන්දයෙන් අගමැති පදවියට තේරී පත්ව ඇත. ඒ අනුව මීට පෙර තායිලන්ත හමුදා කුමන්ත්‍රණයේ ප්‍රධානියා වූ ඔහු එරට සිවිල් ආණ්ඩුවේ නව ප්‍රධානියා බවට පත්ව තිබේ.

තායිලන්ත පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට නම් ඡන්ද 375 ක් ලබාගත යුතුයි. ඒ අනුව ප්‍රතිවාදී අපේක්ෂකයා ඡන්ද 244ක් හිමිකර ගන්නා විට ප්‍රයුත් චාන් ඔචා ජන්ද 500ක් හිමිකර ගත්තේ බහුතරය පහසුවෙන් ළඟා කරගනිමිනි. තායිලන්ත නව පාර්ලිමේන්තුව හමුදාවෙන් තෝරාගත් සෙනෙට් සභිකයන් 250 කුගෙන් සමන්විතයි. ඒ හේතුවෙන් ඉන් ජනතා අපේක්ෂා ඉටුනොවනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

තායිලන්ත ඉතිහාසය පුරාම හමුදාව රාජ්‍ය පාලනයට මැදිහත් වුණි. 1932 සිට රාජකීය තායි හමුදාව 12 වැනි වතාවටත් එරට සිවිල් ආණ්ඩුව පෙරළා දමා බලය අල්ලා ගත්තේ 2014 මැයි 22 වැනිදායි. පුරා මාසයක් තිස්සේ පැවැති දේශපාලන අස්ථාවරත්වය නිසා තායි හමුදාපති ජෙනරාල් ප්‍රයුත් චාන් ඕචා එරට බලය පවරා ගත්තේය. කෙසේ වෙතත් යළිත් වරක් ඔහු මෙලෙස තායිලන්ත අගමැති ධූරයට තේරී පත්වීම පිළිබඳව දැඩි කතාබහක් ඇති වී ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00