2019 මැයි 04 වන සෙනසුරාදා

මැතිවරණයට දිවිදුන් 318ක්!

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

පසුගිදා නිමා වූ ඉන්දුනීසියානු මහ මැතිවරණය පැවැත්වුණු කාලසීමාවේදී මැතිවරණ නිලධාරීන් 318 දෙනෙක් මියගොස් ඇත. මැතිවරණ සමයේ මුහුණදීමට සිදුවූ දැඩි වෙහෙස හේතුවෙන් ඔවුන් මියගිය බව වාර්තා වෙයි.
මීට දෙසතියකට පෙර පැවැත්වුණු එම මැතිවරණය එක් දිනක පැවැති ලොව විශාලතම මැතිවරණයයි. එහිදී ජනාධිප   තිවරණය, මහා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය ලෙස මැතිවරණ ත්‍රිත්වයක් එකවර පැවැත්වීම විශේෂත්වයකි. අප්‍රේල් 17 මැතිවරණයේදී ඡන්දය භාවිත කළ පිරිස මිලියන 193කි.

මැතිවරණය ඉතාමත් සාමකාමීව පැවැත්වුණත්, ඒ අතරතුර මැතිවරණ සේවකයන් දැඩි සේ වෙහෙසට පත්ව ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. ඡන්දය ගණනය කිරීමේ දීර්ඝ සේවා මුරවලට එක්වීම හේතුවෙන් ඇති වූ ආතතිය සහ වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙසේ රජයේ සේවකයන් මියගොස් ඇති බව මේ වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය. ඉන් රෝගී වී රෝහල් ගත කළ තවත් 2,200කට වැඩි පිරිසක් තවමත් නේවාසිකව ප්‍රතිකාර ඇත. සියලු මැතිවරණයන්හි ප්‍රතිඵල මේ මස 22 වැනිදා නිකුත් කිරීමට නියමිතය.